වැලිමඩ නිවසක ගින්නකින් කාන්තාවකට හා දරුවන් දෙදෙනෙකුට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – වැලිමඩ, කැප්පෙටිපොල ජාතික නිවාස සංකීර්ණයේ නිවසක හදිසි ගින්නක් හටගෙන ඇති බව වැලිමඩ පොලිසිය පවසයි.

ඊයේ (29) රාත්‍රී කාලයේ ඇති වූ ගින්න හේතුවෙන් කාන්තාවක්, පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු තුවාල ලබා වැලිමඩ රෝහලට ඇතුළත් කර ඇත.

පොලීසියේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා තිබේ.

අදාළ නිවසේ විදුලිය නොමැති අවස්ථාවේදී නිවස තුළ තිබූ ජෙනරේටරය ක්‍රියාත්මක කර තිබී ඇති අතර, එය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එය පරික්‍ෂා කිරීම සදහා නිවැසියන් ඉටි පන්දමක් දල්වාගෙන එම ස්ථානයට ගොස් තිබේ. එම අවස්ථාවේ දී ජෙනරේටරය ආසන්නයේ තිබූ පෙට්‍රල් බෝතලයකට ගිවි ඇවිලිමෙන් එම අනතුර සිදුව ඇතැයි පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *