සෞඛ්‍ය ආරක්ෂිත ආහාර සැපයීමට සමෘද්ධි අමාත්‍යංශය මැදිහත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – රට තුල සෞඛ්‍ය සම්පන්න ජන පිරිසක් නිර්මාණය කිරීම රජයකට ඇති වගකීමක් බවත් ඒ අනුව මෑත ඉතිහාසයේ සමෘද්ධි අමාත්‍යාංශය ජනතාව හට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමට දොර විවෘත්ත කර අති බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඒ අනුව මේ වන විට සමෘද්ධි අමාත්‍යාංශය විසින් දිවයින පුරා හෙළ බොජුන් හල් ආරම්භ කරමින් පවතින බවත් දේශිය නිෂ්පාදන ඒ තුළ අලවි කිරීමට හැකියාව ලැබී ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

පස්යාල ප්‍රදේශයේ නව හෙළ බොජුන් හලක් ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.

“දිවයින පුරා විශාල අවන් හල් තොගයක් මේ වන විට ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒ අවන් හල් වලින් බහුතරයක සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අපට ලබා ගන්න හැකියාවක් නෑ. මේ තුළින් රට තුළ සිටින පිරිස් සහ නව පරමාපරාව බෝ නොවන රෝග වලට ගොදුරු වෙනවා. එය සෞඛ්‍ය දත්ත තුලින් පවා පෙන්නුම් කරලා තිබෙනවා.

අපි අපේ හෙළ බොජුන් හල් තුළින් පිරිසිදු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පාරිභෝගිකයාට ලබා ගන්න අවස්ථාව උදා කරලා තියෙනවා. දේශිය ආහාර වේලක පූර්ණ ගුණය ඒ තුළින් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම නාගරික ජනතාවට කුරක්කන්, තල, මෙනේරි වැනි ගුණාත්මක බාවයෙන් ඉහල ආහාර මෙහිදී ලබා ගැනීමට පුලුවන්.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *