මිඩ්ල්සෙක්ස් හි තිලාන් වලල්ලාවිටට එංගලන්ත පුරවැසිභාවය

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයකට ක්‍රීඩාකරමින් දක්ෂතා දක්වන දඟ පන්දු යවන ක්‍රීඩක තිලාන් වලල්ලාවිට එංගලන්ත පුරවැසිභාවය හිමිව ඇත.

මේවන විට 23 හැවිරිදි වියෙහි පසුවන වලල්ලාවිට, වයස අවුරුදු 12 දී ශ්‍රී ලංකාවේ දී සුනාමි ව්‍යසනයෙන් දිවි බේරා ගැනීමෙන් පසු දෙමාපියන් සමඟ එංගලන්තයේ පදිංචියට ගොස් තිබුනි.

එංගලන්ත පුරවැසිභාවය ලැබීම හේතුවෙන් ඔහුට 2022 ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා එරට දේශීය ක්‍රීඩකයෙක් ලෙස සහභාගී වීමට වරම් ලැබී තිබේ.

ඒ අනුව ඔහුට අනාගතයේදී එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනයට පවා වරම් ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බව ක්‍රීඩා මාධ්‍ය පෙන්වා දී ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් තිලාන් වලල්ලාවිට පවසා ඇත්තේ “මම මේ මොහොත එනතුරු බොහෝ කාලයක් බලා සිටිමි, අද මගේ උරහිසෙන් විශාල බරක් ඉවත් කර ඇති බවක් දැනේ,” ඔහු කියා සිටියේ මිඩ්ල්සෙක්ස් ඔවුන්ගේ සැලකිය යුතු සහයෝගයට ස්තූතිවන්ත වන බවයි.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *