හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු අමාත්‍යවරයකු වන අතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසු වුණි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

1931 වසරේ සැප්තැම්බර් 19 වනදා උපත ලැබූ අතාවුද සෙනෙවිරත්න මහතා මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් විය. 1954 වසරේදී මොරාන ගම් 12 පත්තු ගම් සභාවට තේරී පත් වූ ඒ මහතා පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියේ 1970 වසරේදීය. ඒ ලංකා සමසමාජ පක්ෂයෙන් රුවන්වැල්ල ආසනය ජයග්‍රහණය කරමින්ය.

සබරගමුව පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කලක් කටයුතු කළ ඒ මහතා පසුව ප්‍රධාන අමාත්‍යවරයා ලෙසද තේරී පත් වුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම කැබිනට් අමාත්‍යවරයකු ලෙස විශාල සේවාවක් ඉටු කළ හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *