(කොළඹ, ලංකාපුවත්) – ගොවි ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් කෙරෙහි ජනාධිපතිතුමාගේ දැඩි අවධානය යොමු වීමෙන් පසුව ගොවීන් විසින් මිලදී ගනු ලබන රසායනික පොහොර සඳහා ද සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩී.එම්.එල්. බණ්ඩාරනායක මහතා සදහන් කරයි.
රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යටතේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව වෙත කාබනික පොහොර ලබා දීමේදී සම්පූර්ණ වශයෙන් සහනාධාර මත ලබා දෙන ලදී.
ගොවීන් විසින් රසායනික පොහොර මිලදී ගනු ලබන බිල්පත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සහනාධාරය ගෙවීම සිදු කිරීමට නියමිතව ඇත.