තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමාගාමීව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අද(28) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දි පැවැත්වේ.

එම සම්මන්ත්‍රණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

මේ සඳහා ඉන්දීය තොරතුරු කොමසාරිස්වරයා ඇතුළු රටවල් කිහිපයක නියෝජිතයන් ද සහභාගී වීමට නියමිතය.

පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක තොරතුරු දැනගැනීමේ සතියේ අවසන් දිනය අදට යෙදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *