ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට ඉන්දීය සෙබළුන් යොදවන්නේ නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා යොදවන බවට වන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.

මෙම පදනම් විරහිත මාධ්‍ය වාර්තා හා ප්‍රචාර ප්‍රතික්ෂේප කරන බවද එම කාර්යාලය ප්‍රකාශ කරයි.

එවැනි වගකීම් විරහිත වාර්තාකරණයන් හෙළා දකින අතර අදාළ පාර්ශ්වයන් වැරදි, කටකතා පැතිරවීමෙන් වළකිනු ඇතැයි අපේක්ෂා කරන බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *