ජලවිදුලිය නිපැයුම වැඩි කළ හැකියි

(කොළඹ, ලංකාපුවත්) – විදුලිබලාගාර ආශ්‍රිත පෝෂක ප්‍රදේශවලට වර්ෂාව පතිත වෙමින් පවතින හෙයින් ඉදිරියේදී ජලවිදුලි නිෂ්පාදනය වැඩි කිරීමට හැකි වෙතැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඊයේ (10) විදුලිබල නිෂ්පාදනය සඳහා ජලය සපයන ප්‍රධාන ජලාශ හයෙන් වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ සමනල වැව ආශ්‍රිත ප්‍රදේශයටය. ඒ මි.මී. 41 කි.

ඊට අමතරව සෙසු ජලාශ අතරින් වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ ඉඟිනියාගල ජලාශ ආශ්‍රිත ප්‍රදේශයට පමණි. ඒ මි.මී. 46.2 කි.

උතුරු, උතුරු-මැද, වයඹ, නැඟෙනහිර, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද සෙසු ප්‍රදේශවලද, ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබිණි.

කෙසේ වෙතත් පසුගිය කාලයේ පැවැති දැඩි වියළි කාලගුණය හේතුවෙන් බොහෝ ජලාශ සිඳී ගොස් තිබුණු අතර තවත් ජලාශ රැසක ජලය අවම මට්ටමකට පැමිණ තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *