CL Synergy සමාගම සිය මූලික කොටස් නිකුතුව කල් දමයි

(කොළඹ, ලංකාපුවත්) – රටේ ප්‍රාග්ධන වෙළඳපොළවල පවතින අවිනිශ්චිත තත්ත්වය සහ, අප්‍රේල් මාසය පුරාම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන විදුලි කප්පාදුවසැලකිල්ලට ගනිමින්, 2022අප්‍රේල් 07 වන දින පැවැත්වීමට නියමිතව පැවති තම මූලික මහජන කොටස් නිකුතුව කල්තැබීමට තීරණය කළ බව CL Synergy සමාගම පවසයි.
තත්ත්වය ස්ථාවර වූ පසුව මෙම මූලික මහජන කොටස් නිකුතුව පැවැත්වෙන නව දිනයන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

CL Synergy සමාගමේ ආයෝජනය කිරීමේ වැදගත්කම හඳුනා ගත් ඉහළ වත්කම් සහිත පුද්ගලයන් ඇතුළුව සියලුම ආයෝජකයන් මෙම මූලික මහජන කොටස් නිකුතුව සම්බන්ධයෙන් පෙන්නුම් කළ උනන්දුව, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සැබැවින්ම දිරිගන්වනසුලු විය.

විශේෂයෙන්ම පසුගිය සතිය තුළ වෙළඳපොළ තත්ත්වයන්ගේ පැහැදිලි පරිහානියක් පෙන්නුම් කළද CL Synergy සමාගමේ ව්‍යාපාර කටයුතු බෙහෙවින් ස්ථාවරව පවතින අතර, සමාගමේආදායමෙන් වැඩි ප්‍රතිශතයක් ඇමරිකානු ඩොලර් වලින් ලැබෙන නිසා, පවතින තත්ත්වය හමුවේ වුවද සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතු සිදුකිරීමේ හැකියාව එය සතු ය. සමාගමේ සමස්ත ගනුදෙනු වලින් 70% ක්ම අපනයනකරුවන් සමග සිදුකෙරෙන අතර, පසුගිය කාලය තුළ සිදුවූ විනිමය අවප්‍රමාණය වීම් සමග සමාගමේ අපනයන පාරිභෝගිකයන්ගේ තරගකාරීත්වය ඉහළ යනු ඇති බවත්, ඒ ඔස්සේ තම සේවාවන්හි කැපීපෙනෙන වර්ධනයක් සිදුවනු ඇති බවත් සමාගම අපේක්ෂා කරයි.

“මූලික මහජන කොටස් නිකුතුව සම්බන්ධ ක්‍රියාවලිය ආරම්භ කරමින් සමාගමේ තොරතුරු ප්‍රකාශයට පත් කළ විට, ඒ සම්බන්ධයෙන් මෙතරම් උනන්දුවක් පළවේවි කියා අප අපේක්ෂා කළේ නැහැ. දීර්ඝකාලීන පාරිභෝගික සම්බන්ධතා ඔස්සේ දියුණුවකරාගිය සමාගමක් වශයෙන්, මේ මූලිකමහජනකොටස්නිකුතුවසම්බන්ධක්‍රියාවලිය තුළදී නව සම්බන්ධතාවන් රාශියක් ගොඩනංවා ගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. වෙළඳපොළ තත්ත්වයන් වැඩිදියුණු වූ සැණින් එම කටයුතු නැවත ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පසුගිය කාර්තුව තුළ අපගේ මූල්‍යක්‍රියාකාරීත්වය සම්බන්ධ තොරතුරු ඇතුළුවැදගත්තොරතුරු රැසක් ළඟදීම ප්‍රකාශයට පත්වීමට නියමිතයි. 2022 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ අප අපේක්ෂා කළ මට්ටමත් වඩා ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කර ඇති බව පවසන්නේ ඉමහත් සතුටින්. අපගේ මූලික මහජන කොටස් නිකුතුව සම්බන්ධ කටයුතු වලදී නොයෙක් අයුරින් අප සමග සම්බන්ධ වූ ආයෝජකයන් ඇතුළු සියලුම දෙනාට අපගේ ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” CL Synergy සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් සිල්වා මහතා පැවසී ය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *