අප්‍රේල් 13, 14 සහ 15 විදුලි කප්පාදුවක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් 13, 14 සහ 15 යන දිනයන්හිදී දිවයින පුරා විදුලි කප්පාදු නොකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

අද(11) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසා සිටියේ, එම තීරණය වෙනස් කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවය.

එසේම අප්‍රේල් 16 සහ 17 දෙදින තුළ විදුලි කප්පාදුව පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 2යි මිනිත්තු 15ක කාලයක් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *