ඉන්ධන බෙදාහැරිම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල අලුත් අවුරුදු දිනවලදී ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් රජය විශේෂ තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව එළඹෙන 12,13,14 දිනවලදී ඉන්ධන පිරවුම්හල් වෙතින් කෑන් සහ බූලි වෙත ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

මහජන උපයෝගීතා කොමිසමේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *