වෙළඳ හා සමෘද්ධි සංවර්ධන ඇමැති සමෘද්ධි සංවර්ධන අමාත්‍යංශයේ වැඩ භාර ගනි

(කොළඹ, ලංකාපුවත්) – වෙළඳ අමාත්‍යා හා සමෘද්ධි සංවර්ධන කැබිනට් අමාත්‍ය වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පසුගිය 18වනදා දිවුරුම් දුන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඊයේ (19) දහවල් සමෘද්ධි අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා ඉදිරිපිට නව කැබිනට් අමාත්‍යවරයා ලෙස සමෘද්ධි අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීම සිදු කළේය.

මෙම අවස්ථාවට සමෘද්ධි අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරුන් වන නාලිකා පියසේන, ආර්.එම්.කේ රත්නායක, සී.ඩී කළුආරච්චි, හේමා පෙරේරා, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි , සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්ත ගුණරත්න ඇතුලු අමාත්‍යාංශ මාණ්ඩලික නිලධාරින් සහ කාර්යය මණ්ඩලය සහභාගි වූහ.

@@@

Leave a Reply

Your email address will not be published. Required fields are marked *