AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩ 5වන වසරටත් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහයෝගය ලබා දෙයි

(කොළඹ | ලංකාපුවත්) –  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අඛණ්ඩව 5ස් වන වසරටත්, ශ්‍රී ලංකා පිළිකා සංගමය සමඟින් සිය සහයෝගීතාවය තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රතිඥා දෙන ලදී.

ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලඟා කරගැනීම සඳහා සහය වීමේ සමාගමෙහි  සන්නාම අභිමතාර්ථයට අනුව කැපවීමෙන් ක්‍රියාත්මක වන AIA, 2019 වසරේ සිට අඛණ්ඩව සමාගම විසින් අලෙවි කරන්නා වූ සෑම රක්ෂණ ඔප්පුවකින්ම රු.100/-ක මුදලක් ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත පරිත්‍යාග කරයි.

ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම, AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මිය සහ ශ්‍රී ලංකා පිළිකා සංගමයේ සභාපතිනී අනෝජා කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ වසරේ මුල් භාගයේ දී පැවති පිළිකා සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී සිදු කෙරිණි.

පසුගිය වසර කිහිපය පුරාවට, ශ්‍රී ලංකා පිළිකා සංගමය මගින් සමාජය වෙත සිදුකරන්නා වූ කාර්යභාරය වෙනුවෙන් AIA හි මෙම මුදල් පරිත්‍යාගය මහත් පිටුවහලක් බවට පත්ව ඇත.  පිළිකාව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු ප්‍රශ්නයක්ව පවතින වාතාවරණයක් තුල AIA වෙතින් ලබා දෙන මෙම පරිත්‍යාග ඔස්සේ අසරණ පිළිකා රෝගීන්හට සාත්තු කිරීම මෙන්ම ඔවුනට මානසික සහනය ලබා දීම සිදුකරන අතර සීග්‍ර ලෙස වැඩිවෙමින් පවතින පිළිකා රෝගය වලක්වා ගැනීම සහ ඒ සඳහා ප්‍රතිකාර කරගැනීම පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ද සිදු කෙරේ.  ශ්‍රී ලංකාවේ  බෝ නොවන රෝග නිසා සිදුවන මරණ සංඛ්‍යාවෙන් 80%කට අධික ප්‍රමාණයක් පිළිකා රෝගය හේතුවෙන් සිදුවෙන අතර එම අගය ගෝලීයව පිළිකා නිසා සිදුවන මරණවල අගය වන 74%කට වඩා අධික වීම අතිශය ගැටළු සහගත තත්ත්වයකි.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී සසිත් බඹරදෙණිය මහතා සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ, “ජනතාවගේ ජීවිත වෙත ධනාත්මක බලපෑමක් ඇතිකිරීම වෙනුවෙන් කැපව කටයුතු කරන සමාගමක් ලෙස අපගේ සන්නාමයේ අභිමතාර්ථය වන්නේ සියලු දෙනාහට සුවපත්, සැපවත් මෙන්ම දිගුකල් ජීවිත ලඟා කරගැනීමට සහාය වීමයි. අප සිදුකරන්නා වූ සමාජ මෙහෙවරයන් මෙම කැපවීම මුදුන් පමුණුවා ගැනීම සඳහා මූලිකත්වයක් ගනී. පිළිකාව අපගේ රට තුල පවත්නා ප්‍රධානතම සෞඛ්‍ය ගැටළුවක් ලෙස හදුනාගෙන ඇති අතර, මෙවන් අභියෝගාත්මක කාලයකදී වුවද උදව් උපකාර අත්‍යවශ්‍ය පිළිකා සංගමය වෙත   අත දීමට අප නොපැකිලව ඉදිරිපත් වන්නේ සමාජයේ සුභසාධනය වෙනුවෙන් අපගේ ඇති කැපවීම නිසාමයි.  ශ්‍රී ලංකා පිළිකා සංගමය විසින් මේ සම්බන්ධයෙන් සිදුකරනු ලබන අමිල මෙහෙවර අපි බෙහෙවින් අගය කරන අතර, මෙම භයානක රෝගයට එරෙහි සටනට කායිකව,මානසිකව මෙන්ම මූල්‍යමය වශයෙන් උපකාර කිරීමට හැකිවීම පිළිබඳව අපගේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට මෙන්ම වෙල්ත් ප්ලෑනර්වරුන්හට ඇත්තේ හෘදයංගම හැඟීමක්”.

ශ්‍රී ලංකා පිළිකා සංගමයේ සභාපතිනී අනෝජා කරුණාරත්න මහත්මිය AIA ඉන්ෂුවරන්ස් සමාගම වෙත, අසරණ පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සහ සත්කාර වෙනුවෙන් සහය වෙමින් දක්වන දායකත්වය වෙනුවෙන් සිය කෘතඥාතාවය ප්‍රකාශ කර සිටියාය. ” AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වෙතින් ලැබෙන මූල්‍ය සහය ඔස්සේ බණ්ඩාරනායක අනුස්මරණ නිවාසයේ, නේවාසික පිළිකා රෝගීන්හට සත්කාර කිරීම මෙන්ම සීග්‍රයෙන් වැඩිවන පිළිකා රෝගය වලක්වා ගැනීම, කල්තියා හඳුනා ගැනීම මෙන්ම පිළිකා සඳහා ඇතිප්‍රතිකාර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා.  අපගේ ගිලන් නිවාසයන්හි නේවාසික රෝගීන්ගේ ප්‍රතිකාර සහ සත්කාර වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය සහය අපට භාහිර දායකයින්ගේ ආධාර ඔස්සේ ලබා ගැනීමට සිදුවන අතර ඒ ඔස්සේ ඔවුන් වෙත අපට හැකි පමණින් හොඳම වෛද්‍යමය  ප්‍රතිකාර මෙන්ම මානසික වශයෙන් සහය ද  ලබා දීමට අප උත්සාහ ගන්නවා. එබැවින් AIA  අපට අඛණ්ඩව ලබාදෙන සහය අපට ඉමහත් ශක්තියක්”

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *