(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා – එක්සත් රාජධානි රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව රාජකීය කුමරිය එළඹෙන ජනවාරි මාසයේ 10 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර, ජනවාරි 13 දා දක්වා ඇය මෙරට රැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.කුමරිය සමඟ ඇයගේ ස්වාමිපුරුෂයා වන වයිස් අද්මිරාල් ටිම් ලෝරන්ස් කුමරු ද මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධාන කරන සැමරුම් උත්සවය සඳහා රාජධානියේ රාජකීය ඈන් කුමරියට ආරාධනා කර තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
ඈන් කුමරිය දෙවන එලිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ දෙවන දරුවා සහ එකම දියණිය වන අතර III චාල්ස් රජුගේ එකම සහෝදරියයි.