යාපනයේ දැරියක් ඉන්දීය රියැලටි වැඩසටහනකින් ප්‍රථම ස්ථානයට

(කොළඹ | ලංකාපුවත්) – දකුණු ඉන්දීය රූපවාහිනී මාධ්‍යයේ ළමා සංගීත වැඩසටහනක ප්‍රථම ස්ථානයට තේරී පත්වීමේ වාසනාව යාපනයේ කිල්මිසා උදයශීලන් නැමති දැරියට හිමි වී තිබේ.

දකුණු ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ ‘සරිගමප’ නැමති වැඩසටහනට ගීත ගායනා කරමින් ඇය පළමු ස්ථානය දිනා ගනිමින් සංගීත ලොවේ කිරුළු පැලඳීමට පසුගියදා (17) රාත්‍රියේ සමත්වූවාය.

ඇය සමඟ ශ්‍රී ලංකාවේ අසනි නැමති තරුණිය ඇතුළු පිරිසක් මේ ගීත ගායනා කිරීමේ වැඩසටහනට සහභාගී වූ අතර ඔවුන් සියලු දෙනාම අබිබවමින් යාපනයේ කිල්මිසා උදයශීලන් දැරිය පළමු ස්ථානය හිමි කරගෙන තිබේ.

මේ වැඩසටහන දකුණු ඉන්දියාවේ රූපවාහිනිය විසින් පවත්වා ගෙන ගිය රියැලිරි වැඩසටහනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *