ගාසා හි මියගිය පලස්තීනුවන් සංඛ්‍යාව 20,000 ඉක්මවයි

(ලංකාපුවත් | කොළඹ) – ගාසා තීරය ඉලක්ක කර එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය පලස්තීනුවන් ගණන 20,000 ඉක්මවා ඇත.

හමාස් සංවිධානයේ ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ මෙලෙස පුද්ගල ජීවිත අහිමි වී තිබේ.

දින හතක සටන් විරාමය හැර ගැටුම ආරම්භයේ සිට දිනකට සාමාන්‍යයෙන් පුද්ගලයන් 300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව ගාසාවේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන බව බීබීසී සේවය වාර්තා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රාදේශීය හදිසි අවස්ථා අධ්‍යක්ෂ රිචඩ් බ්‍රෙනන් පවසන්නේ මෙම අනතුරු සංඛ්‍යා විශ්වාස කළ හැකි යැයි තමන් සලකන බවයි.

ඕනෑම යුද කලාපයක මළවුන් ගණන් කිරීම අභියෝගයක් වන අතර ගාසා තීරයේ වෛද්‍යවරු පවසන්නේ විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් යට වැළලී ගිය හෝ රෝහල් වෙත ගෙන නොගිය සිරුරු එයට ඇතුළත් නොවන බැවින් මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *