නත්තල වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

(කොළඹ | ලංකාපුවත්) – එළඹෙන උත්සව සමය සඳහා දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

වැඩබලන පොලිස්පතිවරයා විසින් ඒ සඳහා මේ වන විටත් විශේෂ චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇත.

මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද ආරක්ෂාව සඳහා යොදවා තිබේ.

එසේම එළඹෙන උත්සව සමය සඳහා හෙට (22) සිට විශේෂ බස් සහ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

නත්තල් උත්සවය, පාසල් නිවාඩුවත් සමඟ ගම්බිම් බලා පිට ව යන ජනතාව වෙනුවෙන් එම විශේෂ බස් හා දුම්රිය සේවාව ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.

ඒ අනුව හෙට සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *