නික්ම යන නවසීලන්ත මහකොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා ඊයේ(04) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේහි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි මහ කොමසාරිස්වරයා ජෙනරල් ගුණරත්න මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත්තේය.

මහ කොමසාරිස්වරයා සහ ආරක්‍ෂක ලේකම් අතර පැවති සුහද හමුවේදී නවසීලන්ත මහකොමසාරිස්වරයා සියධුරකාලය තුළදී ආරක්‍ෂක අමාත්‍යාංශය ලබාදුන් සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව ආරක්‍ෂක ලේකම්වරයා වෙත පළකළේය.

මේ අතර, නවසීලන්ත මහකොමසාරිස්වරයා විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය සහ එහි කාර්ය මණ්ඩලය වෙත ලබාදුන් සහයෝගය පිළිබඳව ද ජෙනරල් ගුණරත්න සිය ස්තූතිය පළ කළ අතර, දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වූ ඔහුගේ සහය ද අගය කළේය.

ආරක්‍ෂක අමාත්‍යාංශය හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදරද මෙම අවස්ථාවට සහභාගිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *