අමෙරිකාවෙන් රුසියාවට චෝදනාවක්

(කොළඹ | ලංකාපුවත්) – රුසියාව යුක්ක්‍රේනයට එරෙහි යුද්ධයේදී උතුරු කොරියාව විසින් සපයන ලද බැලස්ටික් මිසයිල භාවිත කර ඇති බවට අමෙරිකාව චෝදනා කර සිටියි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී මෙම කාරණය මතු කරන බව අමෙරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකවරයා පවසා ඇත. රුසියාවට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ලබාගැනීමට උදව් උපකාර කළ අයට අමතර සම්බාධක පැනවීමට පියවර ගන්නා බව ද ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කිරීමට රුසියාව දැනටමත් ක්‍රියා කර ඇත.

අමෙරිකාව මෙම චෝදානා එල්ල කර පැය කිහිපයකට පසුව උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසා තිබෙන්නේ මිසයිල එල්ල කිරීමේ උපකරණ නිෂ්පාදනය රට තුළ පුළුල් කරන ලෙසයි.

උතුරු කොරියා නායකයා පසුගිය සැප්තැම්බර් මාසයේදී රුසියාවේ සංචාරයක නිරත විය.

එහිදී ආයුධ සපයන බවට රුසියාවට පොරොන්දු වී ඇති බවට අමෙරිකාව මීට පෙරද චෝදනා කළේය.

රුසියාව විසින් උතුරු කොරියාවෙන් ලබාගත් බැලස්ටික් මිසයිල යුක්ක්‍රේනයේ භාවිතා කිරීම “තදින් හෙළා දකින” බව ද අමෙරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකවරයා ප්‍රකාශ කර ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *