තායිවානයේ ජය ‘ලායි’ ට

තායිවානයේ පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ ලායි චින්ග් තේ තායිවානයේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇත.

ඔහු මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනා ඇති අතර ඔහු වාර්තා අතරට එක්වී ඇත්තේ මිලියන 5 සීමාව පසු කළ පළමු තායිවාන ජනාධිපතිවරයා ලෙසය.

චීනයට වඩා අමෙරිකාව සමග සමීප සබඳතා පැවැත්වීමට කැමැත්තක් දක්වන නායකයෙකු ලෙස ඔහු ප්‍රකටව සිටී.

ඔහු තායිවානයේ වත්මන් ජනාධිපති සාන් ඉන් වේන්ටත් වඩා චීන විරෝධී දැඩි බේදුම්වාදී මතදාරියෙකු බව චීනයේ මතය යි.

එරට විපක්ෂ ක්වාමින්ටං පක්ෂ අපේක්ෂක හෝ යූ යී, සිය පරාජය පිළිගෙන ලායිගේ ජයග්‍රහණයට සුබ පතා ඇත.

සිය ජයග්‍රාහී කථාවේදී, ලායි කියා සිටියේ, රටේ ආරක්‍ෂාව ද ඉහළ නංවන අතරම, ඔහු සාමය සඳහා කැපවී සිටින බවත් බීජිං සමඟ කොන්දේසි සහිත බැඳීමක් සඳහා විවෘත බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *