පොලිස්පති රාජකාරි අරඹයි

(කොළඹ | ලංකාපුවත්) – පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද(29) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

මෙරට 36 වෙනි පොලිස්පතිවරයා ලෙස පත් වූ දේශබන්දු තෙන්නකෝන් මහතා මාස තුනක පමණ කාලයක් වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ දේශබන්දු තෙන්නකෝන් මහතා සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට එක් වූයේ 1998 වසරේදීය.

ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *