ශ්‍රී ලංකා චාරිකාව ගැන ඇමති ජෙයිශංකර් X ගිණුමේ තැබූ සටහන

(කොළඹ | ලංකාපුවත්) – ඊයේ(20) මෙරට චාරිකාවක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා සිය සංචාරය පිළිබඳ සිය එක්ස් ගිණුමේ සටහනක් තබා ඇත.

ඔහු එහි සඳහන් කර තිබුණේ තමාගේ නව ධුර කාලයේ පළමු ශ්‍රී ලංකා සංචාරය ඉතාමත් ඵලදායී ව නිමා කළ බවය.

එසේම එහිදී ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ ඉන්දීයාව ඉදිරියටත් ශ්‍රී ලංකාවේ විශ්වාසදායි මිතුරෙකු ලෙස කටයුතු කරන බවය.

එක් දින චාරිකාවක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා ඊයේ මෙරටට පැමිණියේය.

පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණු ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡාවල නිරත වුණි.

එමෙන්ම දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් ද පැවති අතර එහිදී විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට එකඟවී තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුව පැවැත් වුණේ ඉන් අනතුරුවය.

මෙරට දෙමළ පක්ෂ නියෝජිතයින් ද ඊයේ පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා මුණගැසුණු අතර එම අවස්ථාවට ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරු සහ විපක්ෂය නියෝජනය කර මන්ත්‍රීවරු පිරිසක් එක්විය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *