(කොළඹ | ලංකාපුවත්) – මේ වසරේ පළමු මාසය 6 තුළ සංචාරක ක්ෂේත්රයෙන් රුපියල් කෝටි 46,700ක (අමෙරිකානු ඩොලර් මිලියන 1,557) ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
2023 වසරේ ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලපරිච්ඡේදය තුළ සංචාරක ක්ෂේත්රයෙන් ශ්‍රී ලංකාව උපයා තිබෙන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 875ක් වන අතර ඊට සාපේක්ෂව මේ වසරේ එම කාලයේදී උපයා තිබෙන ආදායම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
පසුගිය 2023 වසරේ මුල් මාස හයක කාලයේදී මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයා තිබෙන ආදායම මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා උපයා තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් කියා සිටී.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර මේ වසරේ මුල් මාස 6ක පමණ කාලයේදී විදෙස් සංචාරකයන් 1,010,249 දෙනකු මෙරටට පැමිණ තිබේ. පසුගිය 2023 වසරේ එම කාලයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 624,874ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.