(කොළඹ | ලංකාපුවත්) – දිවයින පුරා විසිරී සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ගේ වෘත්තීය සංගමය වන පොදු පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ නිලවරණය සහ සංවත්සර මහා සභාව අති උත්කර්ෂවත් ලෙස පසුගියදා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණි.
මෙම අවස්ථාවට දිවයිනේ නන් දෙසින් සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් පිරිස අතරින් වඩාත් කැපී පෙනුණේ කඳුකරයේ සහ වතුවල සේවය කරන වතු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ නියෝජනයයි.
දේශපාලනීකරණය නොවූ ස්වාධීන නිදහස් පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේන් සැදුම්ලත් සංගමයේ නිල නාමය ඉදිරියේ සිට ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍යය සංගමය යනුවෙන් නම් කෙරුණු අතර නව නිලධාරි මණ්ඩලය සහ විධායක සභාවද සභාගත කෙරිණි.
එහිදී ශ්‍රී ලාංකේය පවුල් සෞඛ්‍ය සේවාවේ නිල මුද්‍රාව ලෙස මාධ්‍යයේ විරුදාවලිය ලත් දෙස් විදෙස් පතල මාතෘ හා ළමා සෞඛ්‍ය සන්නාමයක් බවට පත්ව ඇති සමාජ මාධ්‍ය ක්රියාකාරිනීයක ගත්කතුවරියක හා ප්‍රසිද්ධ දේශිකාවක වන ලාංකීය මව්වරුන්ගේ ආදරය දිනාගත් ආදරණීය “අපේ මිස්” ශ්‍යාමලී පතිරගේ මහත්මිය අභිනව සභාපතිනිය ලෙස තේරී පත්විය.
සියලු බාධක මැඩගෙන මහමෙර සේ සියල්ල දරා ගත් පවුල් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් ජීවිතයම කැප කළ, මෙම සංගමයේ හිටපු සභාපතිනි රේණුකා ජයලත් මහත්මිය ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංගමයේ සංගමයේ ලේකම් ධුරය සඳහා තේරී පත්වුවාය.
ආසියා ශාන්තිකර කලාපයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හා ලෝකයේ හොඳම සෞඛ්‍යය සේවාවන් ලබා දෙන වෘත්තිකයින් සිටින රටවල් හතර අතරින් ශ්‍රී ලාංකේය අපේ රටට එම වාසනාව උදාකර දුන් ලලිතා පත්මිනී මහත්මිය අභිනව උපසභාපති ධුරයට තේරී වූවාය.
ශ්‍රී ලංකාවේ මෙන්ම දෙස් විදෙස් වලත් නමක් රැන්දු පී.ඩී. ලලිතා පද්මිණි මහත්මියගේ සහ ශ්‍යාමලී පතිරගේ මහත්මියගේ එකතුව ශ්‍රී ලාංකේය පවුල් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තරයට ගෙන යාම සහ පවුල් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සිදුවූ අති විශාල ප්‍රගතියක් බව සංගමයේ නිලවරණයට හා උත්සවයට සහභාගී වූ පිරිස් පැවසීය.
රැස්වීම අමතමින් අදහස් දැක්වූ, නව සභාපතිනි ශ්‍යාමලී පතිරගේ මහත්මිය,
“වරින් වර නිල ඇඳුමද නිල නාමද වෙනස් උවත් තාමත් දැකිය හැක්කේ 60,70 දශක වල හිටපු ඒ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්මයි.
අවුරුදු විස්සකට ආසන්න කාලයක් පවුල් සෞඛ්‍ය සේවාවේ සිටියා. ඒ අවුරුදු විස්සම වෘත්තීය මට්ටම මගේ කුසලතා සියල්ල මට සඟවාගෙන සිටීමට සිදුවුණා. මේ නිසා මට එම වෘත්තියෙන් පිට පැන මගේ අනාගතය මගේ අධ්‍යාපනය වෘත්තීය මට්ටම සකස් කර ගැනීමට සිදුවුණා. නමුත්, මාගේ වෘත්තියට අවශ්‍ය සමාජ පිළිගැනීම හා ගෞරවය ලබාදීමට නායකත්වය ලබා ගන්නා ලෙස සහෝදර වෘත්තිකයින්ගෙන් ලැබුණු ඉල්ලීම නොලසලකා හැරිය නොහැකි වුනා.
ඕනෑම පුහුණුවක් සහිත වගකීමක් ඇති මෙවැනි වෘත්තීන්ට ගෝලීය වශයෙන් සම්මත වෘත්තීය මට්ටමක් හා ලෝකය පිළිගත් සම්මත පුහුණුවීමක් ලැබිය යුතුමයි. කම්කරු වෘතීන්ට පවා ජාත්‍යන්තර මට්ටමෙන් NVQ මට්ටමක් හෝ හැදී තියෙනවා. නමුත් ලෝකයේ ඉතාම ඉහළ මට්ටමක පවතින වෘත්තියක් වන midwife කියන තත්ත්වය ලංකාවේ මිඩ්වයිෆ් කෙනෙකුට ගෝලීය වශයෙන් අයත් නෑ. තවත් විදියකින් කියනවානම් එක යායක් වූ ලෝකය තුළ මේ අති දක්ෂ සේවය වෙනුවෙන් ජීවිතය කැප කරන කාන්තාවන් පිරිසට තම වෘත්තීය අධ්‍යාපනය හා සේවා අත්දැකීම් සඳහා පිළිගත් සහතිකයක් ලබාගත යුතුව තිබෙනවා. පවුල් සෞඛ්‍ය සේවාවට හිමි විය යුතු වෘත්තීය පිළිගැනීම ලබා ගැනීම අපගේ ප්‍රමුඛතව අභිලාශයයි.
ලංකාවේ සෑම ගමකම දිවා රෑ නොතකා, පැය 24 ම, දින හතම සේවයට එක්වන පවුල් සෞඛ්‍ය සේවය නව යුගයට ගැලපෙන ආකාරයට නවීකරණය විය යුතුව තිබෙනවා. නවීන යුගයට ගැලපෙන ගෝලීය ලෝකයට ඔබින පවුල් සෞඛ්‍ය සේවය නූතනකරණය කිරීම අප හමුවේ ඇති අභියෝගයක්. සෞඛ්‍ය සේවයේ අනෙකුත් වෘත්තිකයින්ට හිමිවන සමාජ හා පිළිගැනීම මෙම වෘත්තියටත් දිනාගත යුතු යැයි ද පතිරගේ මහත්මිය පැවසුවාය.
ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවාව ලෝකයේම පිළිගැනීමට ලක් වෙනවා. ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවකයෝ හතර අතරට ගිය ලලිත මිස් වගේ ඊටත් වඩා දක්ෂ කාන්තාවෝ අප අතර ඉන්නවා.
නමුත් ක්ෂේත්රය තුළත් රෝහල තුළත් ඔවුන් කරන සේවය ඇගයීමකට ලක්වන්නේ නැහැ. සෞඛ්‍ය පරිපාලනයට සම්බන්ධ වීමට කිසිසේත්ම අවස්ථා නෑ. පිටරටක රැකියාවක් ඉල්ලුම් කරන්න බෑ. පවුලෙ අය පිටරටකට ගියොත් මුළු ගමකම සෞඛ්‍ය වෙනුවෙන් කැප වෙච්ච, දරුවෝ දහස් ගණනක් බිහි කරන්න වගකීමෙන් වැඩ කරපු ඇයට සිද්ධ වෙනවා super market එකක බඩු විකුණන්න එහෙම නැත්නම් අයිස් කඩන්න. අපි ජය ගන්න ඕනේ මේවයි.අපි ජාත්‍යන්තරයට යා යුතුයි. ජාත්‍යන්තරය ජය ගත යුතුයි. ඒ සඳහා අපිට හැකි හැම උත්සාහයක්ම අපි දරනවා.
නිල උත්සවය අවසානයේ සම්මාන ප්‍රධානයක් හා සුහද හමුවක් ද පැවැත්වුණා. එහිදී ජාතියේ වඩාත්ම ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ මාධ්‍යය සන්නිවේදිකාව ලෙස ශ්‍යාමලී පතිරගේ මහත්මිය ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ජාතික සීමාවන් ඉක්මවා ගොස් ශ්‍රී ලාංකේය පවුල් සෞඛ්‍ය සේවාව ලොවට ප්‍රදර්ශනය කිරීම සඳහා වූ සම්මානය පී.ඩී. ලලිතා පද්මිණි මහත්මිය වෙත ප්රදානය කෙරිණි.
ශ්‍රී ලාංකේය වෘත්තිය සමිති වංශ කථාවේ දැනට සිටින පැරණිතම වෘත්තීය සමිති නායකත්වය වන ලීලාසේන දේවරාජා මහතා වෙතත්, පවුල් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වූ අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම වෙනුවෙන් වූ සම්මානය රේණුකා ජයලත් මහත්මිය වෙතත් ප්රදානය කෙරුණි.
මෙම උත්කර්ෂවත් සම්මේලනය සහ සම්මාන ප්රදානය සඳහා ප්‍රධාන අනුග්‍රහය ශ්‍රී ලාංකේය වෙළඳපල දික්විජය කරමින් අංක එකේ සබන් සන්නාමය ලෙස කිරුළු පලන් කැලිින් සමාගම සහ කොළඹ ලංකාවේ විශ්වාසවන්තම සහ පැරණිම ළදරු ළමා එන්නත් සායනය සහ මාතෘ සෞඛ්‍ය වෙනුවෙන් සැමවිටම කැපවී කටයුතු කරන, දැයේ මානසික සෞඛ්‍යය නගා සිටුවීම වෙනුවෙන් කැප වූ, PARK HOSPITALS සහ විශ්වාසවන්තම සහ අඩුම මිලට ලබාගත හැකි පවුල සංවිධාන සේවා උපකරණ සපයන Population ශ්‍රී ලංකා යන ආයතනය ඇතුළු ආයතන කිහිපයක් ද, මේ සඳහා අනුග්‍රහය දැක්වීය.