ආණ්ඩුවේ කවුරු හරි අල්ලස් ගත්තොත් කිසිම සමාවක් නැහැ – ජනපතිගෙන් සහතිකයක්

(කොළඹ | ලංකාපුවත්) –  බදු ගෙවන්නන්ගේ සෑම රුපියලකටම සාධාරණය ඉටු කරන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය අයවැය කතාව අවසන් කරමින් කියාසිටියේ සිය රජය යටතේ අල්ලස් ගැනීමට බිය වන සමාජයක් නිර්මාණය කරන බවයි.

වත්මන් ආණ්ඩුවේ නිලධාරීන් අතර දූෂණය නොඉවසන බවත්, අල්ලස් ගැනීමට උත්සාහ කරන්නන් බිය විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එසේම තම ආණ්ඩුවේ කිසිදු සාමාජිකයකු අල්ලසක් ලබාගනු ලැබීයයි චෝදනාවට ලක්වුව හොත්,ඔවුන් වෙනුවෙන් කිසිදු ආකාරයකින් පෙනීනොසිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *