අමාත්‍ය මණ්ඩලයෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – නැවත කිසිකලෙක ගැටුම්කාරී අතීතයකට යාමට ඉඩනොතබන බවට රජය සහතික කර තිබෙන අතර මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් සකස් කොට ඇති ප්‍රකාශය අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

"අමාත්‍ය මණ්ඩලයෙන් ප්‍රකාශයක්"

උතුරු පළාත් කෘෂිකර්ම හා අධ්‍යාපන ඇමතිවරුන්ට අස්වන ලෙස දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාත් සභාවේ දූෂණ චෝදනා තහවුරු වූ අමාත්‍යවරුන් දෙදෙනාට සිය ධූරවලින් ඉවත් වන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා දැනුම් දී ඇත.

"උතුරු පළාත් කෘෂිකර්ම හා අධ්‍යාපන ඇමතිවරුන්ට අස්වන ලෙස දැනුම් දීමක්"

හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙයි

(කොළඹ, ලංකාපුවත්) – මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට යුද හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්ද්‍රාවිතාරණ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට අද(14) පැමිණ ඇත.

"හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙයි"

ලන්ඩන් ගින්න : “ගොඩනැගිල්ල කඩා වැටේදැයි” සැකයක්

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ලන්ඩනයේ නිවාස සංකීරණයක ඇති වූ ගින්නත් සමඟ එය කඩා වැටේ යැයි බියක් මේවන විට පළ ව ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

"ලන්ඩන් ගින්න : “ගොඩනැගිල්ල කඩා වැටේදැයි” සැකයක්"

ඔබාමා අවුරුදු අටක් ඇන්දේ එකම කබායයි-මිෂෙල් ඔබාමා

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති බරක් ඔබාමා බලයේ සිටි අවුරුදු අටක කාලය පුරා රාත්‍රි භෝජන සංග්‍රහ සඳහා අඳින ලද්දේ එකම උඩ කබායක්( tuxedo) බව ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමා හෙළි කරයි.

"ඔබාමා අවුරුදු අටක් ඇන්දේ එකම කබායයි-මිෂෙල් ඔබාමා"

ශ්‍රී ලංකා – කත්මණ්ඩු අතර සෘජු ගුවන් ගමන් ගැන සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ නේපාල තානාපති මහාචාර්ය බිෂ්වම්භර් පියක්කුර්යල් (Professor Bishwambher pyakuryal) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ (13) පැවැත්විණි.

"ශ්‍රී ලංකා – කත්මණ්ඩු අතර සෘජු ගුවන් ගමන් ගැන සාකච්ඡාවක්"

සංගාගෙන් තවත් වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වෘත්තීය ක්‍රිකට් තරග තුළ ශතක සියයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ඊයේ (13) සමත් විය.

"සංගාගෙන් තවත් වාර්තාවක්"

ලන්ඩනයේ ගිනිගන්නා මහල් නිවාසවල ලාංකිකයින් සිටි බවට මෙතෙක් වාර්තාවී නැහැ

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතානයේ ලන්ඩන් නුවර, ලැටිමර් ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක්වූ මහල් නිවාස සංකීර්ණයේ ශ්‍රී ලාංකිකයන් සිටියේද යන්න පිළිබඳව එරට මහ කොමසාරිස් කාර්යාලය හරහා තොරතුරු ලබා ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

"ලන්ඩනයේ ගිනිගන්නා මහල් නිවාසවල ලාංකිකයින් සිටි බවට මෙතෙක් වාර්තාවී නැහැ"

ජාතීන් අතර අන්තවාදය පතුරවන පිරිස් පිළිබඳ රජයෙන් විමර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතීන් අතර අන්තවාදය පතුරවන පිරිස් පිළිබඳ විමර්ශනය කර ඔවුන් පාලනය කිරීමට රජය කටයුතු කරන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සදහන් කළේය.

"ජාතීන් අතර අන්තවාදය පතුරවන පිරිස් පිළිබඳ රජයෙන් විමර්ශනයක්"

බංග්ලාදේශයේ ගංවතුරින් 107ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ගිනිකොණ දිග බංග්ලාදේශයේ අධික වැසි හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 107 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"බංග්ලාදේශයේ ගංවතුරින් 107ක් මරුට"