මීතොටමුල්ල ඛේදවාචකය – මරණ 30 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ සිද්ධියෙන් මේ වනවිට මියගිය අයගේ මළ සිරුරු 30ක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි. තවත් පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

"මීතොටමුල්ල ඛේදවාචකය – මරණ 30 දක්වා ඉහළට"

මීතොටමුල්ලේ ආපදාවට පත්වූවන්ට වන්දි

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් ආපදාවට පත්වූවන්ට වන්දි ගෙවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව එම ආපදාවෙන් ඇති වූ ජීවිත හානියකට රුපියල් ලක්ෂය බැඟින් ද දේපල හානියකට උපරිමය රුපියල් ලක්ෂ 25 දක්වාද වන්දි ගෙවීමට වහා කටයුතු කෙරේ.

"මීතොටමුල්ලේ ආපදාවට පත්වූවන්ට වන්දි"

වියට්නාම ජනපති සහ ශ්‍රී ලංකා අගමැති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික සංවර්ධනය සහ සංහිඳියාව ඉලක්ක කර ගනිමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා රජය ගෙන යන ධනාත්මක වැඩපිළිවෙළ අගය කරන බව පැවසූ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්‍රැන් ඩයි ක්වන් (Tran Dai Quang) මහතා, ශ්‍රී ලංකාවේ අනාගත අපේක්ෂාවන් සාර්ථක කර ගැනීම උදෙසා වියට්නාමයේ පූර්ණ සහය ලබා දීමට සූදානම් බව ද අවධාරණය කළේ ය. හැනොයි නුවර ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඊයේ (17) හමුවෙමින් වියට්නාම්…

"වියට්නාම ජනපති සහ ශ්‍රී ලංකා අගමැති අතර හමුවක්"

රයිසින්ග් පූනේ සුපර් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම්වලට ජය

(කොළඹ, ලංකාපුවත්) –  ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය යටතේ පැවති තරඟ වලදී  රයිසින්ග් පූනේ සුපර් ජයන්ට් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජය ගැනීමට සමත්විය. ඊයේ (16)පැවති තරඟයකදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පූනේ කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 08කට ලකුණු 161ක් ලබාගත් අතර පිළිතුරු වශයෙන් බැංගලෝර් කණ්ඩායමට කඩුලු 09ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 134ක් පමණි.

"රයිසින්ග් පූනේ සුපර් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම්වලට ජය"

ක්‍රීඩා රෙගුලාසි අනුව කටයුතු නොකරන ක්‍රීඩා සංගම්වලට එරෙහිව දැඩි දඬුවම්

‍(කොළඹ, ලංකාපුවත්) –  අති විශේෂ ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කළ නව ක්‍රීඩා රෙගුලාසි අනුව කටයුතු නොකරන ක්‍රීඩා සංගම්වලට එරෙහිව තරාතිරම නොබලා දැඩි පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

"ක්‍රීඩා රෙගුලාසි අනුව කටයුතු නොකරන ක්‍රීඩා සංගම්වලට එරෙහිව දැඩි දඬුවම්"

තුර්කි ජනපති ධූරයේ බලතල පුළුල් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –  තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් සිය ධුරයේ බලතල පුළුල් කිරිම සදහා පැවැත්වූ ජනමත විචාරණය ජයග්‍රහණය කර ඇත. ඒ සමග ඔහුට 2029 වසර දක්වා ජනාධිපතිධුරයේ කටයුතු කිරිමට හැකි වේ.

"තුර්කි ජනපති ධූරයේ බලතල පුළුල් වෙයි"

ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව වයස්ගතම  පුද්ගලයාගේ වාර්තාවට හිමිකම් කී ඉතාලි ජාතික එමා මොරානෝ ජීවිතක්ෂයට පත්විය. ඇය 17 වැනි සියවසේ උපත ලබා ජීවතුන් අතර සිටි අවසාන පුරවැසියායි. එමා මොරානෝ උපත ලබා ඇත්තේ 1899 නොවැම්බර් 29 වැනිදාය.

"ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි"

සිරියාවේ බස් රථ පෙළකට එල්ල වූ ප‍්‍රහාරය පාප් වහන්සේ හෙළා දකියි

(කොළඹ, ලංකාපුවත්) – සිරියාවේ බස් රථ පෙළකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ විසින් හෙළා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

"සිරියාවේ බස් රථ පෙළකට එල්ල වූ ප‍්‍රහාරය පාප් වහන්සේ හෙළා දකියි"

ජපාන අගමැති සංවේගය පළ කරයි

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කුණු කන්දේ ඛේචවාචකය පිළිබඳව ශ්‍රී ලාංකේය ජනතාවටත්, රජයටත් සිය හද පිරි සංවේගය පළ කරන බව දන්වා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා නිවේදනයක් නිකුත් කොට පවසා තිබේ.

"ජපාන අගමැති සංවේගය පළ කරයි"

මීතොටමුල්ල කසල කන්දට සැඟවුණු මිනිස් ජීවිත සොයා අදත් මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරේ.මෙම ආපදාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 26 දෙනෙකි. එසේම අවතැන්වූවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.

"මීතොටමුල්ල කසල කන්දට සැඟවුණු මිනිස් ජීවිත සොයා අදත් මෙහෙයුම්"