මැණික් වෙන්දේසියක දී රෝස පැහැති මැණිකක් ලෝක වාර්තාවක් තියයි

(කොළඹ, ලංකාපුවත්) – හොංකොං මැණික් වෙන්දේසියක දී රෝස පැහැති මැණිකක් අමෙරිකානු ඩොලර් මිලියන 71කට අළෙවි වෙමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. එය වෙන්දේසියක දී මැණිකකට හිමි වූ වැඩිම මිළ වේ.

"මැණික් වෙන්දේසියක දී රෝස පැහැති මැණිකක් ලෝක වාර්තාවක් තියයි"

සාප්පු සවාරි යාමේදී ඉන්ෆ්ලුවෙන්සා ගැන සැලකිලිමත් වන්නන – වෛද්‍ය පර්යේෂණ ආයතනය  

(කොළඹ, ලංකාපුවත්) – ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා සාප්පු සවාරි යාමේදී ප්‍රවේශම් වන්නැයි, වෛද්‍ය පර්යේෂණ ආයතනය දැනුම්දෙයි. විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්, කුඩා දරුවන් සහ නිධන්ගත රෝගවලින් පීඩා විඳින්නට මේ වෛරසය පහසුවන් ආසාදනය වන බැවින් වඩා ආරක්ෂාකාරී විය යුතු ය.

"සාප්පු සවාරි යාමේදී ඉන්ෆ්ලුවෙන්සා ගැන සැලකිලිමත් වන්නන – වෛද්‍ය පර්යේෂණ ආයතනය  "

ප්‍රතිසංවර්ධිත ගුවන්තොටුපොළ ධාවන පථයේ මෙහෙයුම් හෙට සිට අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රතිසංවර්ධනය කරන ලද කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ධාවන පථය ගුවන් මෙහෙයුම් සඳහා හෙට(06) විවෘත කරයි. මෙම ව්‍යාපෘතියට වැය කෙරුණු මුදල රුපියල් කෝටි 750කි.  ධාවන පථයේ නවීකරණ ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි 06 වැනිදාය. 

"ප්‍රතිසංවර්ධිත ගුවන්තොටුපොළ ධාවන පථයේ මෙහෙයුම් හෙට සිට අරඹයි"

කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ලකළ තවත් අයෙක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – කළුතර බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි. කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශන වලදී අනාවරණය කරගත් තොරතුරු අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

"කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ලකළ තවත් අයෙක් අල්ලයි"

රට නව දිශානතියකට ගෙන යාමට ජනපති දරන උත්සාහයට ජර්මනියෙන් ප්‍රශංසා  

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් රට නව දිශානතියකට ගෙන යාමට ජනාධිපතිවරයා දරණ උත්සාහය ප්‍රශංසනීය බව ජර්මානු පාර්ලිමේන්තුවේ කථානායක නෝබට් ලැම්මර්ට් මහතා පවසයි.

"රට නව දිශානතියකට ගෙන යාමට ජනපති දරන උත්සාහයට ජර්මනියෙන් ප්‍රශංසා  "

ශ‍්‍රී ලංකාව අසලදී විදෙස් නෞකාවක් ගිනි ගනියි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 33ක් පමණ වූ දුරකදී පැනමා ධජය යටතේ යාත‍්‍රා කරමින් තිබූ ඩැනීලා නම් වූ බහාලූම් නෞකාවක ගින්නක් හට ගෙන තිබේ. ගින්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කෙරුණු අතර කඩිනමින් ක‍්‍රියාත්මක වූ නාවික හමුදාව ගින්න මැඩ පැවැත්වීම සඳහා වේග ප‍්‍රහාරයක යාත‍්‍රා දෙකක් පිටත් කර හැරීමට කටයුතු යොදා ඇත.

"ශ‍්‍රී ලංකාව අසලදී විදෙස් නෞකාවක් ගිනි ගනියි"

ශ්‍රී ලංකාවට කඩුලු 06ක විශිෂ්ට ජයක්

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලු 06ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ(05) සමත් විය. ප‍්‍රථමයට පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 06ක් දැවී ලකුණු 155ක් රැස් කරනුලැබීය. මොසඩැක් හුසේන් නොදැවී ලකුණු 34 යි.

"ශ්‍රී ලංකාවට කඩුලු 06ක විශිෂ්ට ජයක්"

මෙරට ව්‍යාපාර ශක්තිමත් කරමින් අපනයනය ඉහළ දැමිය යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තරය සමඟ තරඟ කිරීමට මෙරට ව්‍යාපාර තවදුරටත් ශක්තිමත් කරමින් අපනයනය ඉහළ දැමිය යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (04) දින පැවැති තිරසර ලංකා ජාතික මංගල්‍යයප්‍රදර්ශනය නැරඹිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

"මෙරට ව්‍යාපාර ශක්තිමත් කරමින් අපනයනය ඉහළ දැමිය යුතුයි – අගමැති"

මහනුවර නගරයට උමං මාර්ග පද්ධතියක්

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර නගරයේ ඇති මාර්ග තදබදයට විසඳුමක් ලෙස මහනුවර නගරයට උමං මාර්ග පද්ධතියක් ඉදි කෙරෙන බවත් ඊට කැබිනට් අනුමතිය ලැබී ඇතැයි උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (04) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 23(02) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මහනුවර පූජා නගරය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

"මහනුවර නගරයට උමං මාර්ග පද්ධතියක්"

ජනපති රුසියාවට සොව පළ කරයි

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර ඊයේ (03)සිදුවූ ප්‍රහාරය දකිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙලා දැක තිබේ. ජනාධිපතිතුමා පීඩාවට පත් වූ පවුල් වෙත සිය ශෝකය පළ කළේය.

"ජනපති රුසියාවට සොව පළ කරයි"