විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් 100කට  සාම විනිසුරු පදවි

(කොළඹ, ලංකාපුවත්) – ආරක්ෂක හමුදාවල ජාතික සේවයක් ඉටු කළ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු 100 දෙනෙකුට  සාම විනිසුරු පදවි පිරිනැමීමට  අධිකරණ අමාත්‍යංශය සූදානම් වෙයි. ආරක්ෂක හමුදාවල ජාතික සේවයක් ඉටු කළ විශ්‍රාමික හමුදා නිලධාරින්ගේ සේවය අගයමින් තවදුරටත් ප්‍රජා සේවා කටයුතුවලට සම්බන්ධ කර ගැනීමේ අරමුණින් මේ කටයුත්ත සිදු කරයි.

"විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් 100කට  සාම විනිසුරු පදවි"

පළමු පාසල් වාරය ලබන 05වනදා අවසන්වෙයි  

(කොළඹ, ලංකාපුවත්) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ලබන 05 වන දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

"පළමු පාසල් වාරය ලබන 05වනදා අවසන්වෙයි  "

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජනපතිගෙන් උපරිම සහාය

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක‍්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරින් පිරිසක් ඊයේ (02)කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ. සියලුදෙනා සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.

"ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජනපතිගෙන් උපරිම සහාය"

දවුල්දෙන මහානාහිමි ආදහනපූජෝත්සවය අප්‍රේල් 06වනදා නිදහස් චතුස්‍රයේදී

(කොළඹ, ලංකාපුවත්) – අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහාසංඝ සභාවේ උත්තරීතර නායක අග්‍ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඥාණේස්සර මාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අප්‍රේල් 06 වැනි බ්‍රහස්පතින්දා පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චිතුරස්‍රයේදී සිදු කිරීමට ආදාහන කමිටුව තීරණය කොට ඇත.

"දවුල්දෙන මහානාහිමි ආදහනපූජෝත්සවය අප්‍රේල් 06වනදා නිදහස් චතුස්‍රයේදී"

හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපතිවරයෙකු වන ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එකම පුත්‍රයා වන රවී ජයවර්ධන මහතා අද(03) දහවල් අභාවප්‍රාප්ත විය.

"හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි"

මන්ත්‍රී විමල් ලබන 07වනදා තෙක් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ වාහන අව භාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තවදුරටත් ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  අදාළ නියෝග ලබාදී ඇත.  විමල් වීරවංශ මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා පරීක්ෂණයට අදාළ නීතිමය හා සිද්ධිමය කරුණු දක්වමින් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

"මන්ත්‍රී විමල් ලබන 07වනදා තෙක් රිමාන්ඩ්"

පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ජාතික තලයෙන් ජාත්‍යන්තරයට යන තේමාව යටතේ 80 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නිල වශයෙන් ඊයේ (02) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් ආරම්භ කළේය.

"පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල ඇරඹේ"

කටුනායක ගුවන් මෙහෙයුම් 06වනදා සිට සුපුරුදු ලෙසින්

(කොළඹ, ලංකාපුවත්) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලබන 06වනදා සිට නැවත පූර්ණ වශයෙන් විවෘත කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කරයි. ධාවන පථය නැවත ඇතිරීමේ කටයුතු සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු පසුගිය ජනවාරි 60 වනදා  සිට අප්‍රේල් 05 වනදා දක්වා දිනකට පැය අටක කාලයක් තාවකාලිකව නවතා තිබිණි.

"කටුනායක ගුවන් මෙහෙයුම් 06වනදා සිට සුපුරුදු ලෙසින්"

ඉන්දියාවේ පොලිස් නිලධාරීන් 200ක් රෝහලේ

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ඉන්දියාවේ පොලිස් නිලධාරීන් 200කට අසන්න පිරිසක් අහාර විෂවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ. කේරල ප්‍රාන්තයේ පොලිස් පුහුණු කඳවුරක නිලධාරීන් පිරිසක් මෙම සිදුවීමට මුහුණ පා ඇත.

"ඉන්දියාවේ පොලිස් නිලධාරීන් 200ක් රෝහලේ"

කොලොම්බියා නාය අනතුරින් 300ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – කොලොම්බියාවේ පසුගියදා සිදුවු නාය අනතුරෙන් 300 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. තවත් 200ක පමණ පිරිසක් අතුරුදන්ව තිබේ. මියගිය අයගෙන් 50කට ආසන්න පිරිසක් ළමයින් බව කොලොම්බියානු ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් ප්‍රකාශ කළේය.

"කොලොම්බියා නාය අනතුරින් 300ක් මරුට"