(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය ඉන්දියාව සමඟ පවතින සබඳතාවලට බලපෑමක් නොවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. ඉන්දීය මාධ්‍යය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අග්‍රමාත්‍යවරයා එහිදී ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කර ඇත.
"ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය ඉන්දියා සබඳතාවලට බලපෑමක් නොවන බව අගමැති කියයි"Author: chanaka
(කොළඹ, ලංකාපුවත්) – අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර නාහිමියන් අද(03) අලූයම අපවත්විය. අපවත්වනවිට උන්වහන්සේ 102 වන වියේ පසුවිය.
"අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර හිමි අපවත්වෙයි"(කොළඹ, ලංකාපුවත්) – යුද සමයේදී 58වැනි සේනාංකය භාරව සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණය හමුවට කැඳවන්නැයි කළ ඉල්ලීම මුලතිව් මහේස්ත‍්‍රාත් එම්.සම්සුදීන් විසින් අද(31) ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙකු බව කියන සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලිලන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළවයි.
"මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණය හමුවට කැඳවන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි"(කොළඹ, ලංකාපුවත්) – දුප්පතුන් අවම කිරීමේ ජාතික මෙහෙයට උරදෙමින් වසර 20 ක් පමණ කාලයක් සුළු ණය සේවා සැපයීමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරන සමෘද්ධි ප්‍රජා මූල බැංකු ජාලයේ බැංකු 1074 ක් ඇගයීම හා සම්මාන ප්‍රදානය අප්‍රේල් මස 02 වන දින නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
"සමෘද්ධි බැංකු හරසර 2017 – නෙලුම් පොකුණේදී"(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව තවත් සංවර්ධනය කර ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. ඒ අනුව උතුරු පළාතේ සෞඛ්‍ය ගැටලු හඳුනාගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා අප්‍රේල් මස 02 සහ 03 යන දෙදින එම පළාතේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතය.
"උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව සංවර්ධනයට පියවර"(කොළඹ, ලංකාපුවත්) – කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොරටුව හා බණ්ඩාරගම ප‍්‍රදේශවලදී අදාළ සැකකරුවන් දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
"කළුතර බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමට ආධාර අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට"(කොළඹ, ලංකාපුවත්) – ආසියානු ශූරතා මලල කී‍්‍රඩා තරගාවලිය පැවැත්වෙන දින වකවානු ආසියානු මලල කී‍්‍රඩා සංගමය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ලබන ජූලි මස 06වනදා සිට 09වනදා දක්වා ඉන්දියාවේ ඔඞීසා ප‍්‍රාන්තයේ දී තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
"ආසියානු ශූරතා මලල කී‍්‍රඩා තරගාවලිය පැවැත්වෙන දින වකවානු ප‍්‍රකාශයට පත් වෙයි"(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වස විස නැති රටක් සඳහා වූ තුන් අවුරුදු සැලැස්මේ ඉලක්කවලට සමගාමීව සංවිධාන කරන ‘තිරසර ලංකා‘ ජාතික මංගල්‍යය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) ආරම්භ කෙරේ. තිරසර ලංකා ජාතික ප්‍රදර්ශනය අද සිට අප්‍රේල් මස 04වනදා දක්වා පැවැත්වෙන අතර, උදෑසන 09 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.
"‘තිරසර ලංකා‘ ජාතික මංගල්‍යය අද සිට"(කොළඹ, ලංකාපුවත්) – මහ බැංකු බැඳුම්කර විමර්ශන කොමිසමේ විමර්ශන සහයට සහකාර පොලිස් අධිකාරී ඒන්.වී. ලෝරන්ස් තාවකාලිකව අනුයුක්ත කර තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතයි.
"බැඳුම්කර විමර්ශන සහයට ASP ලෝරන්ස් පත්කරයි"(කොළඹ, ලංකාපුවත්) – “අභිමානී 2017 – දැයක් නගන පරපුර වෙත නගමු හරසර” යන තේමාව යටතේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියෙහි වැඩබිම්වල සේවය කරන ශ්‍රමිකයින්ගේ සේවය අගයා සම්මාන ප්‍රදානය කිරීම ඊයේ (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදුවිය. නාගරික ජනාවාසවල වෙසෙන හැටදහසක ජනතාවට ස්ථීර නිවහන් ලබාදීම නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.
"නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ සේවය කරන ශ්‍රමිකයින්ට ජනපති අතින් සම්මාන"