Huawei Service වාර්ෂික දීමනා සමඟ මෙගා වට්ටම් සහ නොමිලේ තෑගි සමය ආරම්භ වේ

(කොළඹ, ලංකාපුවත්) – ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම සිය ගනුදෙනුකරුවන්ට හොඳම සේවා පිරිනැමීමට කටයුතු කරන අතර, දිවයින පුරා පිහිටි Huawei සේවා මධ්‍යස්ථාන එහි උසස් තත්ත්වයේ පාරිභෝගික සේවාව නිසාම පරිශීලකයින් අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ. සේවා විශිෂ්ටත්වයේ තවත් සලකුණක් වන්නේ අලුත් අවුරුදු සමයේ Huawei විසින් පරිශීලකයින්ට විශේෂ වට්ටම් හා සුවිශේෂ දීමනා ලබාදෙමින් සිය පාරිභෝගිකයින්ට උපහාර දැක්වීමයි.

"Huawei Service වාර්ෂික දීමනා සමඟ මෙගා වට්ටම් සහ නොමිලේ තෑගි සමය ආරම්භ වේ"

රට රකින ත්‍රිවිධ හමුදාවන්ට INSEE කෘතවේදීත්වය පළකරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, රණවිරු සේවා අධිකාරිය හා එක්ව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා නාවික හමුදාවේ දැනට සක්‍රීය සේවයේ , විශ්‍රාමලත් සහ ආබාධිත තත්ත්වයට පත් සෙබළුන්ට හා නිලධාරීන්ට INSEE සංස්ථා සිමෙන්ති මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ.

"රට රකින ත්‍රිවිධ හමුදාවන්ට INSEE කෘතවේදීත්වය පළකරයි"

මැලිබන් ආයතනය Brand Excellence සම්මානයෙන් Best Brand Awards උලෙලේදී පිදුම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) –: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන්, පසුගියදා පැවති 2020 Sri Lanka Best Brand සම්මාන උළෙලේදී FMCG කාණ්ඩයේ ය‍ටතේ සන්නාම විශිෂ්ටත්ව (Brand Excellence) සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. අතථ්‍ය (Virtual) ක්‍රමයට 2020 නොවැම්බර් 24 වන දින පවත්වන ලද මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ, ගෝලීය විධායක ජාලයක් ලෙස සැලකෙන CMO Asia විසිනි.

"මැලිබන් ආයතනය Brand Excellence සම්මානයෙන් Best Brand Awards උලෙලේදී පිදුම් ලබයි"

පැල්වත්ත සමාගම, කිරි ගොවි ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමට බලධාරීන්ගේ සහය අපේක්ෂා කරයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම මහඔය ප්‍රදේශයේ ඉඩම් ගැටලුව හේතුවෙන් අවදානමට ලක්ව ඇති බවට වාර්තා වන කිරි ගොවීන්ට සහයෝගය ලබා දීමට පෙරමුණ ගෙන සිටි. ඒ අනුව ගොවීන්ගේ පවුල් පෝෂණය කිරීම, ගවයන් ආරක්ෂා කිරීම සහ ආර්ථිකය ගොඩනැගීම ඇතුළු මෙම ගැටළුව සම්බන්දයෙන් සියලු පාර්ශ්වකරුවන්ගේ හවුල්කාරීත්වයෙන් යුතු තිරසාර උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සමාගම අපේක්ෂා කරයි.

"පැල්වත්ත සමාගම, කිරි ගොවි ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමට බලධාරීන්ගේ සහය අපේක්ෂා කරයි"

DFCC බැංකුව මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ වර්ධනයට වැඩසටහන් මාලාවක්

(කොළඹ, ලංකාපුවත්) –කාටත් ගැලපෙන DFCC බැංකුව ශ්‍රී ලාංකීය සමාජය තුළ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් නව ප්‍රබෝධයක් ඇති කරමින්, දේශීය ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙන්ම මෙම ක්‍ෂේත්‍රය හා සම්බන්ධ උනන්දුවක් දක්වන සැමගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් නව ආරක වැඩසටහනක් ‘DFCC ව්‍යාපාර අත්වැල ‘නමින් පසුගියදා ආරම්භ කළේය. DFCC බැංකුවේ Facebook සහ Youtube චැනලයන් ඔස්සේ විකාශනය කරනු ලබන මෙම වැඩසටහන් මාලාව හඬ සහ රූප භාවිත කරමින් සරළව මෙන්ම සැමට පහසුවෙන් වටහාගත හැකි අකාරයෙන් සැළසුම් කර ඉදිරිපත් කිරීමද විශේෂත්වයකි.

"DFCC බැංකුව මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ වර්ධනයට වැඩසටහන් මාලාවක්"

ලංකා සතොසට සහ සතොසට නව නිලධාරීන් පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ලංකා සතොස නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ සතොස සභාපතිවරයා ලෙස නීතිඥ වෙනුර ගුණවර්ධන පත්කර ඇති බව කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

"ලංකා සතොසට සහ සතොසට නව නිලධාරීන් පත් කෙරේ"

රුපියල කඩාවැටීම වළකන්න මහ බැංකුව මැදිහත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

"රුපියල කඩාවැටීම වළකන්න මහ බැංකුව මැදිහත් වෙයි"

2020 ස්මාර්ට් ජංගම දුරකථන ලෝකයට නව්‍යකරණයන් හඳුන්වා දුන් සුවිශේෂී වසරක්

(කොළඹ, ලංකාපුවත්) –vivo සන්නාමය ප්‍රබල කැමරාවක්, නවෝත්පාදන අංග සහ ආකර්ෂණීය මෝස්තර කෙරෙහි සියලු දෙනාගේ ප්‍රසාදය දිනා ගත් ප්‍රමුඛ පෙළේ නව්‍යකරණයන් සඳහා ප්‍රසිද්ධ සන්නාමයකි. වසර ගණනාවක් පුරා, vivo විසින් AI බලයෙන් ක්‍රියාත්මක වන Quad Cameras, In-Screen Fingerprint Scanners, HD Displays, Turbo Mode, Flash Charge වැනි පාරිභෝගිකයින්ට නව්‍ය අත්දැකීම් එක් කල තාක්ෂණික නවෝත්පාදන අංග ක්ෂේත්‍රයට ප්‍රථමයෙන්ම හඳුන්වා දෙනු ලැබීය.

"2020 ස්මාර්ට් ජංගම දුරකථන ලෝකයට නව්‍යකරණයන් හඳුන්වා දුන් සුවිශේෂී වසරක්"

අමාත්‍ය සීතා අරඹේපොල ඩීමෝ විද්‍යාතනයේ නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) –නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පසුගිය දින වැලිවේරිය පිහිටි ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම යටතේ පවතින ඩීමෝ තාක්ෂණික විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය

"අමාත්‍ය සීතා අරඹේපොල ඩීමෝ විද්‍යාතනයේ නිරීක්ෂණ චාරිකාවක"