HNB SOLO භෞතික සබඳතා රහිත ස්වයංක‍්‍රීය ගෙවීම් කටයතු සඳහා Lanka IOC සමඟ අත්වැල් බැඳ ගනී

(කොළඹ, ලංකාපුවත්) –ඩිජිටල් ගෙවීම් විසඳුම් සඳහා සීඝ‍්‍රයෙන් ඉහළ යන ඉල්ලූමට සරිලන පරිදි සේවාවන් සැපයීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ ඉහළ ශ්‍රේණියේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන Lanka IOC සමඟ HNB SOLO ඩිජිටල් ගෙවීමේ යෙදවුම හරහා භෞතික සබඳතා රහිත ස්වයංක‍්‍රීය ගෙවී (contactless payment) විකල්පයක් හඳුන්වා දීමේ පළමු අදියර පසුගියදා දිවයින පුරා පිහිටි Lanka IOC පිරවුම්හල් 41 කදී සිදු වූ අතර එහි දෙවන අදියරේදී මෙම පහසුකම තවත් ඉන්ධන පිරවුම්හල් 167කින්…

"HNB SOLO භෞතික සබඳතා රහිත ස්වයංක‍්‍රීය ගෙවීම් කටයතු සඳහා Lanka IOC සමඟ අත්වැල් බැඳ ගනී"

යල කන්නයට වී මිල දී ගැනීමේ සියලු කටයුතු සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –2020 වසරේ යල කන්නයට අදාළ වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ අදාළ සියලු අංශවල දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා තොරතුරු තාක්ෂණ ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

"යල කන්නයට වී මිල දී ගැනීමේ සියලු කටයුතු සූදානම්"

මිතුරන් සමඟ විනෝදයෙන් කාලය ගතකිරීමට වයිබර් Good Vibes Bot විශේෂාංගය එළිදකී

(කොළඹ, ලංකාපුවත්) –ලොව විශාලතම සන්නිවේදන ජාලයක් වන රකුටෙන් වයිබර් සිය නවතම Good Vibes Bot, විශේෂාංගය පසුගියදා හඳුන්වා දුනි.

"මිතුරන් සමඟ විනෝදයෙන් කාලය ගතකිරීමට වයිබර් Good Vibes Bot විශේෂාංගය එළිදකී"

Oracle Cloud තාක්ෂණය සමඟ වේගවත් නව නිෂ්පාදන හඳුන්වා දීමට HNB ඇෂුවරන්ස් සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණ සමාගමක් වන HNB ඇෂුවරන්ස් පීඑල්සී (HNBA) සිය ව්‍යාපාරික ක‍්‍රියාවලීන් සරල කිරීම හා විධිමත් කිරීම සඳහා මෙන්ම මූල්‍ය මෙහෙයුම් හි විනිවිදභාවය ඉහළ නැංවීම සහ වඩා හොඳ පාරිභෝගික සේවාවක් තම රක්ෂණ ඔප්පුහිමියන්ට ලබා දීමේ මෙහෙවරට සහාය වීම සඳහා Oracle Cloud Enterprise Resource Planning (ERP) මෘදුකාංගය සමඟ එක් වී ඇත. සති හතක් වැනි කෙටි කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කර තිබීම විශේෂත්වයකි.

"Oracle Cloud තාක්ෂණය සමඟ වේගවත් නව නිෂ්පාදන හඳුන්වා දීමට HNB ඇෂුවරන්ස් සැරසෙයි"

ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ සහ ETI හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ETI ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

"ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ සහ ETI හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි"

නීතිවිරෝධී මුල්‍ය ලීසිං ආයතන හදුනාගැනීම සඳහා දිපව්‍යප්ත මෙහෙයුම් අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – නිතිවිරෝධී මුල්‍ය ලීසිං ආයතන හදුනාගැනීම සදහා දිපව්‍යප්ත මෙහෙයුම් ආරම්භ කර ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කරයි.

"නීතිවිරෝධී මුල්‍ය ලීසිං ආයතන හදුනාගැනීම සඳහා දිපව්‍යප්ත මෙහෙයුම් අරඹයි"

HNB ‘ද බෑන්කර්’ සඟරාවේ 2020 ලෝකයේ හොඳම බැංකු 1000 ශ්‍රේණිගත කිරීමෙන් තවත් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය විශිෂ්ටත්වය වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියට ලක් වෙමින්, එක්සත් රාජධානියේ කීර්තිමත් බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව සිව්වන වරටත් 2020 ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කර ඇත.

"HNB ‘ද බෑන්කර්’ සඟරාවේ 2020 ලෝකයේ හොඳම බැංකු 1000 ශ්‍රේණිගත කිරීමෙන් තවත් ඉහළට"

වෙළෙඳභවතුන්ගේ ගෙවීම් කටයුතුවලට සහාය වීමට Visa CyberSource අන්තර්ජාල ගෙවීම් ප‍්‍රවේශය සඳහා HNB වටිනාකම් එකතු කළ සේවාවන් හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන HNB, ජාත්‍යන්තරව පිළිගත් අන්තර්ජාතික ගෙවීම් ප‍්‍රවේශය (Internet Payment Gateway) සඳහා පහසුකම් සපයන්නෙකු වන, Visa CyberSource හරහා ගෙවීම් කටයුතු සිදු කරන වෙළෙඳභවතුන් සඳහා විශේෂ වටිනාකම් එකතු කළ සේවාවන් හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත.

"වෙළෙඳභවතුන්ගේ ගෙවීම් කටයුතුවලට සහාය වීමට Visa CyberSource අන්තර්ජාල ගෙවීම් ප‍්‍රවේශය සඳහා HNB වටිනාකම් එකතු කළ සේවාවන් හඳුන්වා දෙයි"

vivo Y50 නවතම ස්මාර්ට් දුරකතනය ජුලි මාසයේදී ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – නවීනතම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදකයා වන vivo Mobile ඔවුන්ගේ නවතම mid rangeස්මාර්ට් ජංගම දුරකථනය වන Y50 දුරකථනය ජූලි මස මැද භාගයේදී ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට සුදානමින් සිටී .

"vivo Y50 නවතම ස්මාර්ට් දුරකතනය ජුලි මාසයේදී ශ්‍රී ලංකාවට"

විදේශ රැකියා කර්මාන්තය නැංවීමට තුන් අවුරුදු සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා එහි පාර්ශවකරුවන්ගේ සංවර්ධනය හා ආදායම ඉහළ නැංවීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් සැකසීම සඳහා සය පුද්ගල කමිටුවක්, කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් පත්කොට තිබේ.

"විදේශ රැකියා කර්මාන්තය නැංවීමට තුන් අවුරුදු සැලැස්මක්"