මහ මැතිවරණයකට යාමේ සුදානමක් ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීන හා සාධාරණ ලෙස පැවැත්වීම තහවුරු කිරීම සඳහා මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා තිබේ.

"මහ මැතිවරණයකට යාමේ සුදානමක් ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක්"

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සිට

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් හෙට(27) සිට දින 06 ක් පුරා ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ.

"විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සිට"

අවංක රාජ්‍ය සේවකයන් සුරකිනවා

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය සේවයේ දී සද්භාවයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් පොලිස් විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාසයට රැගෙන යාම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙන ඒමට කටයුතු කරන බව අගමැති හා මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන ඇමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

"අවංක රාජ්‍ය සේවකයන් සුරකිනවා"

රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ පත්වීම් අනුමතයට සිවු පුද්ගල කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –සංස්ථා, මණ්ඩල සහ සෙසු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ පත්වීම් අනුමත කිරීම සඳහා සිවු පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

"රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ පත්වීම් අනුමතයට සිවු පුද්ගල කමිටුවක්"

හම්බන්තොට වරාය බදුදීම වරදක්

(කොළඹ, ලංකාපුවත්) –හම්බන්තොට වරාය වසර 99ක කාලයක් සඳහා චීනයට බදු දීමට පසුගිය රජය මගින් සිදු වූ වරදක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

"හම්බන්තොට වරාය බදුදීම වරදක්"

නව යොවුන් දරුවන්ගෙන් සියයට 80කට ව්‍යායාම නැහැ

(කොළඹ, ලංකාපුවත්) –ලොව පුරා නව යොවුන් වියේ දරුවන්ගෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයක් අවම වශයෙන් දිනකට පැයක්වත් ශාරීරික ක්‍රියාකාරකම්වල නොයෙදන බවත් ඒ හේතුවෙන් ඔවුන් වර්තමාන සහ අනාගත සෞඛ්‍ය ගැටලු රැසකට ලක්වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

"නව යොවුන් දරුවන්ගෙන් සියයට 80කට ව්‍යායාම නැහැ"

ජනපතිගේ ප්‍රථම විදෙස් සංචාරයේ දූත පිරිස 10 කට සීමා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයට එක්වන ශ‍්‍රී ලංකා දූත පිරිස දස දෙනෙකුට සීමා කර තිබේ.

"ජනපතිගේ ප්‍රථම විදෙස් සංචාරයේ දූත පිරිස 10 කට සීමා වෙයි"

මත භේදාත්මක විමර්ශන රැසක් මෙහෙයවූ නිශාන්ත සිල්වා හොර රහසේ රටින් පනී

(කොළඹ, ලංකාපුවත්) –මත භේදාත්මක විමර්ශන රැසක් මෙහෙයවූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා රහසේ විදෙස් ගතවී තිබේ.

"මත භේදාත්මක විමර්ශන රැසක් මෙහෙයවූ නිශාන්ත සිල්වා හොර රහසේ රටින් පනී"

ජනතාව භාරදුන් වගකීම් ඉටුකිරීමට පැකිළෙන්නේ නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ජනතාව භාර දුන් වගකීම් ඉටු කිරීමට තමන් කිසිසේත් පැකිළෙන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (24) බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දී පැවැසීය.

"ජනතාව භාරදුන් වගකීම් ඉටුකිරීමට පැකිළෙන්නේ නැහැ"

රාජ්‍ය ඇමතිවරුන් පත් කිරිම ලබන සදුදා

(කොළඹ, ලංකාපුවත්) – ලබන සදුදා වන විට තමන් රාජ්‍ය අමාත්‍යවරුන් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

"රාජ්‍ය ඇමතිවරුන් පත් කිරිම ලබන සදුදා"