(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට නිවාස අලුත්වැඩියා කිරීම, විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අදාළව අතිරේක ප්‍රතිපාදන සැලසීම ආදී අවශ්‍යතාවන් බොහොමයක් වෙනුවෙන් හදිසියේ මුදල් වෙන් කරන තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද(07) ඉදිරිපත් කර ඇත.
"පාර්ලිමේන්තුවට තවත් පරිපූරක ඇස්තමේන්තුවක්"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේදී රට හමුවේ එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ආරක්ෂක අමාත්‍යංශය ශක්තිමත් කරන බව අමාත්‍යංශ නව ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සදහන් කරයි.
"ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ආරක්ෂක අමාත්‍යංශය ශක්තිමත් කරනවා – ආරක්‍ෂක ලේකම්"(කොළඹ, ලංකාපුවත්) – නව ආණ්ඩුක්රම ව්‍යවස්ථාවක් පිළිබඳ දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේනම් ඒ පිළිබඳව ගරුතර මහා සංඝරත්නය දැනුවත් කරමින් උන්වහන්සේලාගේ ද අදහස් සහ යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.
"ව්‍යවස්ථාවක දළ කෙටුම්පතක් හෝ ඇත්නම් මහා සංඝරත්නය දැනුවත් කරනවා – ජනපති"(කොළඹ, ලංකාපුවත්) – 015 ජනවාරි 08 වනදා තමා මේ රටෙන් අවසන් කර දැමුයේ ඒකාධිපති සහ මිලිටරි පාලනයක් වන අතර එවන් පාලනයකට නැවත රට තුළ ඉඩක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
"ඒකාධිපති පාලනයකට නැවත ඉඩක් නොමැත – ජනපති කියයි"(කොළඹ, ලංකාපුවත්) – ශිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ ඝාතනය සිදුවී ඇත්තේ හිස පිටුපසට සිදුකළ පහරදීමක් හේතුවෙන් මොළය අභ්‍යන්තරයට ලේ ගැලීම නිසාවෙන් හා ගෙල සිරකොට තිබීමෙන් යන කාරණාවන්ගෙන් බව යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විද්‍යා ඝාතන නඩු විභාගය වෙනුවෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පවසා තිබේ.
"විද්‍යා ඝාතනය වූ හැටි උසාවියේදී හෙළිවෙයි"(කොළඹ, ලංකාපුවත්) – ලබන තෙවසර තුළ අපනයන ආදායමට මූලිකත්වය දෙන, ශීඝ්‍රයෙන් දියුණුවන ආර්ථිකයකයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"ලබන තෙවසර තුළදී අපනයනයට මුල්තැන දෙනවා – අගමැති"(කොළඹ, ලංකාපුවත්) – බලයේ සිටියදී කෝටි ප‍්‍රකෝටි ගණන් ජනතා මුදල් සහ රාජ්‍ය වත්කම් ගසා කමින් බලය අනිසි ලෙස භාවිතා කර බරපතළ වංචා, දූෂණ සහ අපරාධ සිදු කළ අය නැවත තමන් බලයට පැමිණෙන බව ජනතාවට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
"පහත් දේශපාලන කුමන්ත‍්‍රණ සඵල නොවන බව ජනපති කියයි"(කොළඹ, ලංකාපුවත්) – යුද අපරාධ සම්බන්ධයෙන් හමුදා නිලධාරීන්ට චෝදනා එල්ල කරන කණ්ඩායම් එම අදාළ අවස්ථාවල එම ස්ථානයන්ගේ සිටියේ ද යන්න ගැටළුවක් බවත් කිසිසේත් තම නිලධාරීන් එවැනි පිරිසක් නොවන බවත් නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සදහන් කරයි.
"යුද අපරාධ ගැන නව හමුදාපති අදහස් දක්වයි"(කොළඹ, ලංකාපුවත්) – මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට අධි චෝදනා ලැබ සිටින විත්තිකරුට එරෙහි නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණයේදී අද (05) ප්‍රකාශයට පත් කෙරුණි.
"UPDATE:මාධ්‍යවේදී මෙල්ව මැරූ ඝාතකයාට මරණ දඬුවම"(කොළඹ, ලංකාපුවත්) – නව ආණ්ඩුක්රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අනවශ්‍ය බව ත්‍රෛනිකායික මහනාහිමිවරු පවසති. පවත්නා ගැටළු සහගත තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මහනාහිමිවරුන් මෙම තීරණයට පැමිණි බව අස්ගිර් පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් සඳහන් කළේය.
"අලුත් ව්‍යවස්ථා හෝ සංශෝධන එපා – ත්‍රෛනිකායික මහනාහිමිවරු"