(කොළඹ, ලංකාපුවත්) – බැදුම්කර ගණුදෙණු පිළිබද ජනාධිපති කොමිසමේ විමර්ශනයන් අවසන් වන තුරු මහ බැංකු ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් ඉවත් කිරීමට මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
"බැදුම්කර විමර්ශන අවසන්වන තෙක් ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින් ඉවත් කරයි"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) – පසුගිය යුද සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා සහ යෝජනාවලදී මේ රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
"රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කරන්න සූදානම් නෑ – ජනපති"(කොළඹ, ලංකාපුවත්) – ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා යන ගමනේ කිසිම භේදයක් නොමැති බවත් ඒකීය රටක් තුළ රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙල සඳහා සියලු දෙනාගේ සහයෝගය හිමිව ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. අග්‍රමාත්‍යවරයා පවසන්නේ ජනවර්ග අතර සංහිඳියාව ඇති කිරීම උදෙසා බලය බෙදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවය. මරදාන, සුදුවැල්ල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය අද (29) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
"‘ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා යන ගමනේ කිසිම භේදයක් නෑ‘ – අගමැති"(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත. මන්ත්‍රීවරයා ආරම්භ කර තිබූ උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය අයහපත් වීම සැලකිල්ලට ගනිමින් මෙලෙස ජාතික රෝහලට යොමු කර තිබේ.
"මන්ත්‍රී විමල් විරවංශව කොළඹ ජාතික රෝහලට මාරු කරයි"(කොළඹ, ලංකාපුවත්) – ලොව විශාලතම ආයෝජන බැංකුව වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා කැමැත්ත පළ කර ඇත. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් තානාපති ටන් ලායි මාර්ග් මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
"යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනයට සැරසේ"(කොළඹ, ලංකාපුවත්) – මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමේ ප‍්‍රතිශතය සෙසු වසර සමඟ සංසන්දනය කිරිමේ දී ඉහළ මට්ටමක පවතින බවත් ගණිතය වැනි විෂයයන් සමත්වීමේ ප්‍රතිශතයන් ද ඉහළ මට්ටමක පවතින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් තමා වෙත දැනුම් දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ඊයේ (28) සඳහන් කළේය.
"මෙවර සා.පෙළ සමත්වීම ඉහළ මට්ටමක"(කොළඹ, ලංකාපුවත්) – . දෙස් විදෙස් තරුණ තරුණියන් 6000ක‍් සහභාගීත්වයෙන් යොවුන් පුරය -2017 අද (29) පස්වරු 5.30 ට ත්‍රිකුණාමලයේ මැක්හෙයිෂර් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව මෙය සංවිධාන කරනු ලැබේ.අප්‍රේල් 02වනදා දක්වා පැවැත්වෙන මෙවර යොවුන් පුරයේ තේමාව වන්නේ ‘අනාගතය ඇරැඹුණා ’ යන්නයි.
"යොවුන් පුරය අද සිට"(කොළඹ, ලංකාපුවත්) – අතීත අත්දැකීම් පදනම් කර ගනිමින් ඉදිරි සියවස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ජයග‍්‍රහණය කිරීමේ වගකීම පාසල් දරුවන් හමුවේ ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. රත්නපුර ෆර්ගර්සන් උසස් විද්‍යාලයට වසර සියයක් සපරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ ඊයේ (27) පැවති සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා මේ බව කියා සිටියේය.
"‘ඉදිරි සියවස ජයගැනීමේ අභියෝගය දරුවන් හමුවේ තිබෙනවා ‘ – ජනපති"(කොළඹ, ලංකාපුවත්) – 2016 පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා මහා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි. දෙවන ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ එස්.එම් මුණසිංහ සිසුවිය දිනාගෙන හිමිකර ගෙන ඇත. මෙවර අ.පො.ස (සා/පෙ) විභාග ප්‍රතිඵල අතර තෙවන ස්ථාන දෙකක් ලැබී ඇති අතර ඒ අනුව කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආර්.එම් සුගත් රවිඳු සන්වර සිසුවා හා මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධී මිරිස්සගේ සිසුවා තෙවන ස්ථාන ලබාගෙන තිබේ. ගම්පහ රත්නාවලි…
"සාපෙළ ප්‍රතිඵල ප්‍රථම ස්ථානය විශාකාවට"(කොළඹ, ලංකාපුවත්) – 2016 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප වලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද දින පෙරවරු 10.00න් පසු විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිය. අනෙකුත් සියලුම පාසල්වල ප්‍රතිඵල අද දිනය තුළ තැපැල් කෙරෙන අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල ඉදිරියේ දී තැපැල් කිරීමට නියමිතය. විභාග…
"සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට"