විශ්වාසයෙන් හා කැපවීමෙන් වැඩ කර ප්‍රතිඵල පෙන්වමු – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මහ කන්නයේදී කාබනික පොහොර නිවැරදි ලෙස භාවිතා කළ ගොවීන් ඉහළ අස්වැන්නක් ගෙන තිබේ. ඊට යොමු නො වූ ගොවීන් ද නිසි ලෙස දැනුවත් කර සිදු වූ අඩුපාඩු මඟහරවා ගැනීමෙන් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ ජය ගත හැකි බව දිස්ත්‍රික් ලේකම්වරු කියති.

"විශ්වාසයෙන් හා කැපවීමෙන් වැඩ කර ප්‍රතිඵල පෙන්වමු – ජනපති"

කර්මාන්ත සහ පරිසර අමාත්‍යාංශවල විෂයපත සංශෝධනය ‌කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –කර්මාන්ත සහ පරිසර අමාත්‍යාංශවල විෂයපත සංශෝධනය කර තිබේ. ඒ ජනාධිපතිතුමා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්ය.

"කර්මාන්ත සහ පරිසර අමාත්‍යාංශවල විෂයපත සංශෝධනය ‌කෙරේ"

ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ජනපතිගෙන් ඇරයුම්

(කොළඹ, ලංකාපුවත්) –ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරුට (Faisal bin Farhan Al Saud) පවසයි.

"ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සවුදි රාජ්‍යයට ජනපතිගෙන් ඇරයුම්"

බස් ගාස්තු 15%කින් වැඩි වෙයි අවම ගාස්තුව රු. 20යි

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (14) රැස් වූ කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීමෙන් අනතුරුව බස් ගාස්තු සංශෝධනය සිදු කරන බව ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම මහතා පැවැසීය.

"බස් ගාස්තු 15%කින් වැඩි වෙයි අවම ගාස්තුව රු. 20යි"

ජනපති බදාදා ජාතිය ඇමතීමට සුදානම්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනිද්දා (16) ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

"ජනපති බදාදා ජාතිය ඇමතීමට සුදානම්"

සෞදි විදේශ ඇමති ලංකාවට එයි

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුඩ් මහතා නිල සංචාරයක් සඳහා අද (14) අලුයම දිවයිනට පැමිණියේ ය.

"සෞදි විදේශ ඇමති ලංකාවට එයි"

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට එකඟතාව

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගියදා(11) රැස්වූ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය හිමිවිය.

"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට එකඟතාව"

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියානු ක්ෂාන්තිකර කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී

(කොළඹ, ලංකාපුවත්) – ආහාර සුරක්ෂිතතාවය සාක්ෂාත්කිරීම සහ සැමට ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීම සඳහා ප්‍රමාණවත් තරම් උසස් තත්ත්වයේ ආහාර සපයා ගැනීමේ ප්‍රවේශයක් ඇති කිරීම උදෙසා ලොව රටවල් 130 ක් පුරා සිය ක්‍රියාකාරීත්වය ලබාදෙන එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 36 වැනි ආසියානු ක්ෂාන්තිකර කලාපීය සමුළුව බංගලාදේශයේ ඩකා නුවරදී පැවැත්වුණි.

"ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියානු ක්ෂාන්තිකර කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී"

ඉන්දියාවෙන් උතුරු පළාතට මානුෂීය ආධාර

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ ධීවරයන් සහ ඔවුන්ගේ පවුල් ස‍‍ඳහා මානුෂීය ආධාර වැඩසටහනක් යාපනයේ දී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරේ.

"ඉන්දියාවෙන් උතුරු පළාතට මානුෂීය ආධාර"

අද සිට සියලු සිසුන් පාසල් වෙත කැදවයි

(කොළඹ, ලංකාපුවත්) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් ලබන අද (14) සිට සාමාන්‍ය පරිදි පාසලට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් ඇත.

"අද සිට සියලු සිසුන් පාසල් වෙත කැදවයි"