(ලංකාපුවත් | කොළඹ) – දෙවසරකට ආසන්න කාලයක් පුරා පවතින කොවිඩ් – 19 වසංගත කාලය තුළ පුද්ගලයන් වශයෙන් ද, සාමූහිකව ද, රටක් වශයෙන් ද අපගේ ආගම් විසින් පුහුණු කරන ලද ආධ්‍යාත්මික පරිකල්පනය සහ විනය, වසංගතය පාලනය කර ගැනීමට මනා පිටිවහලක් වී ඇතැයි නත්තල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
"ජේසු සමිඳාණන්ගේ ප්‍රේමයේ ශුභාරංචිය සෑම හදවතකටම සමීප වේවා! – ජනාධිපති"Category: HIGHLIGHTED
(ලංකාපුවත් | කොළඹ) – “කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බිඳ වැටුණු ලෝකයට නව අරුතක් ගෙන ඒමට මෙන්ම බලාපොරොත්තුවේ සුබ ප්‍රාර්ථනයෙන් නත්තල අරුත් ගැන්වීම ඔබ සැමට බාරයි” යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නත්තල් දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
"බලාපොරොත්තුවේ සුබ ප්‍රාර්ථනයෙන් නත්තල අරුත් ගැන්වීම ඔබට බාරයි – අගමැති"(ලංකාපුවත් | කොළඹ) – ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ලෝකයට දායාද කළ සාමයේ, ආදරයේ, සහෝදරත්වයේ හා බෙදා ගැනීමේ පණිවිඩය ක්‍රියාත්මක කරමින් මෙවර නත්තල සමරන්නැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සිය නත්තල් දින පණිවිඩය නිකුත් කරමින් පැවසූහ.
"නත්තල එකිනෙකාට පිහිට වන්න අවස්ථාවක් කර ගන්න – අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ"(ලංකාපුවත් | කොළඹ) – කොවිඩ් – 19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එළඹෙන උත්සව සමයට අනුකූලව සාද සහ රැස්වීම් පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
"උත්සව සමයට සාද පැවැත්වීම පිළිබඳව සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්"(ලංකාපුවත් | කොළඹ) – බූස්ටර් එන්නත්කරණය මීට සති දෙකකට පමණ පෙර ආරම්භ කිරීමෙන් පසු පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ දී රෝගීන් වාර්තා වීම සියයට 1.7කින් සහ මරණ සියයට 10කින් අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් – 19 සම්බන්ධීකාරක, තාක්ෂණික වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.
"බූස්ටර් මාත්‍රාව දීමත් සමඟ රෝගීන් වාර්තා වීමත් මරණ අනුපාතයත් අඩු වෙයි"(ලංකාපුවත් | කොළඹ) – මහ කන්නයේ වගාකළ යුතු කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් මේ වන විට සමස්තයක් ලෙස 90% – 95% ක පමණ කුඹුරු වගා කර ඇති බව අද(23) කොළඹ දී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරින් පෙන්වා දුන්නේය.
"මහ කන්නයේ මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් 95%ක් වගා කරලා"(ලංකාපුවත් | කොළඹ) – ඉදිරි සති 3න් පසුව මෙරට ව්‍යාප්ත වන්නේ ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවයි.
"ඉදිරි සති 03න් පසු මෙරට ව්‍යාප්ත වන ප්‍රධාන ප්‍රභේදය ඔමික්‍රෝන් විය හැකියි"(ලංකාපුවත් | කොළඹ) – නත්තල් සමය හා නව අවුරුදු උදාව සමඟ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල හැසිරෙන ජනතාවගේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.
"නත්තලට කොළඹ ආරක්ෂාව තර කෙරේ"(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11දෙනෙක් සහ මහ කොමසාරිස්වරු 06දෙනෙක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.
"නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 17ක් අක්තපත්‍ර භාර දෙයි"(ලංකාපුවත් | කොළඹ) – බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත් බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණ.
"බේරේ වැව පවිත්‍රකරණයට “පාවෙන තෙත් බිම්”"