අවුරුදු 30ට වැඩි අයගෙන් 99%කට එන්නත් ලබාදී අවසන්

(කොළඹ, ලංකාපුවත්) –මෙරට අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 99%කට කොරෝනා මර්දන එන්නත් ලබාදී ඇතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

"අවුරුදු 30ට වැඩි අයගෙන් 99%කට එන්නත් ලබාදී අවසන්"

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී (Chief of Army Staff of Indian Army) ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා (General Manoj Mukund Naravane) ඊයේ(13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

"ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජනපති හමුවෙයි"

පෞද්ගලික අංශ සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස 60 කරයි

(කොළඹ, ලංකාපුවත්) –පෞද්ගලික අංශවල රැකියා කරන පුද්ගලයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝදනයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇ​ත.

"පෞද්ගලික අංශ සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස 60 කරයි"

ඉන්දිය යුද හමුදා ප්‍රධානි දින පහක සංචාරයකට ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා(General Manoj Mukund Naravane) දින පහක නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණියේය.

"ඉන්දිය යුද හමුදා ප්‍රධානි දින පහක සංචාරයකට ශ්‍රී ලංකාවට"

ගුරු-විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගයට අගමැතිගෙන් විසඳුමක්

(කොළඹ, ලංකාපුවත්) –වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (12) දින පස්වරුවේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේය.

"ගුරු-විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගයට අගමැතිගෙන් විසඳුමක්"

ලෝක තැපැල් දිනයට කාණ්ඩ තුනකින් මුද්දර

(කොළඹ, ලංකාපුවත්) –ලෝක තැපැල් දිනය නිමිත්තෙන් කාණ්ඩ තුනක් යටතේ මුද්දර නිකුත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(09) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

"ලෝක තැපැල් දිනයට කාණ්ඩ තුනකින් මුද්දර"

එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්න – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –”නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්න” යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටී. කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය පහළ බැසීමට ලක් විණ. එහෙත් අදාළ කාලසීමාව තුළදී විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් සිදු කර ඇත. ලෝකයේ හමුදාවන්, යුද්ධයට පමණක් නො ව ජාතිය ගොඩනැඟීමටත් කැප වී සිටිති. අපේ ත්‍රිවිධ හමුදාව නිරෝධායනයේදී සහ එන්නත්කරණයේදී සෞඛ්‍ය අංශවලට සහාය වෙමින් කොවිඩ් පාලනයට එක් විය. ඒ සඳහා…

"එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්න – ජනපති"

ලෝක ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව අනුරූ ප්‍රතිමාවක් අගමැතිට

(කොළඹ, ලංකාපුවත්) –වෙහෙරගලින් හමු වී ඇති ලෝක ප්‍රසිද්ධියට පත් අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාවේ අනුරූ ප්‍රතිමාවක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින් ඊයේ (07) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී පිළිගන්වන ලදි.

"ලෝක ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව අනුරූ ප්‍රතිමාවක් අගමැතිට"

වයස අවුරුදු 18 ත් 19 ත් වයස් කාණ්ඩයේ දරුවන් එන්නත් කිරිම ලබන 21 වැනිදා සිට

(කොළඹ, ලංකාපුවත්) –අවුරුදු 18 ත් 19 ත් වයස් කාණ්ඩයේ පාසල් ළමයින් එන්නත් කිරිම ලබන 21 වැනිදා සිට ආරම්භ කෙරේ. ඉගෙනුම ලබන පාසලේදිම එන්නත් ලබාගැනිමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරින්ට දැනුම් දී තිබේ.

"වයස අවුරුදු 18 ත් 19 ත් වයස් කාණ්ඩයේ දරුවන් එන්නත් කිරිම ලබන 21 වැනිදා සිට"