PANDORA ගනුදෙනුවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයින් ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපතිගෙන් නියෝග

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ Pandora පේපර්ස් නමින් ප්‍රකට වුණු වත්කම් සටහන්වල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද(06) උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට නියෝග කර ඇත.

"PANDORA ගනුදෙනුවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයින් ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපතිගෙන් නියෝග"

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද(05)සිදු විය.

"ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි"

කුෂිනගර් අන්තර්ජාතික ගුවන්තොටුපොළට පළමු යානය ශ්‍රී ලංකාවෙන්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ප්‍රකාශයට පත් කළ වහාම ඒ දක්වා පියාසර කරන පළමු වන්දනාකරුවන්ගේ ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා පැවසීය.

"කුෂිනගර් අන්තර්ජාතික ගුවන්තොටුපොළට පළමු යානය ශ්‍රී ලංකාවෙන්"

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

"ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා – ජනපති"

අවුරුදු 15-19ත් අතර දරුවන්ට එන්නත් දීම ගැන තීරණය මේ සතියේ දී

(කොළඹ, ලංකාපුවත්) –වයස අවුරුදු 15ත් 19ත් අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම පිළිබඳව ජනාධිපතිතුමා මේ සතිය තුළ උපදෙස් ලබාදීමට නියමිත බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කතරගම ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

"අවුරුදු 15-19ත් අතර දරුවන්ට එන්නත් දීම ගැන තීරණය මේ සතියේ දී"

ෆේස්බුක් සේවා පැය 06කට පසු යථා තත්ත්වයට – ට්විටර් පරිශීලකයින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –ලෙව පුරා බිඳ වැටීමකට ලක්වූ ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ මැසෙන්ජර් සේවා යථා තත්ත්වයට පත් කර තිබේ.

"ෆේස්බුක් සේවා පැය 06කට පසු යථා තත්ත්වයට – ට්විටර් පරිශීලකයින් ඉහළට"

ඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –සිව්දින නිල සංචාරයකට දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ්වර්ධන් ෂින්ග්ලා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(04) හමුවිය.

"ඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවෙයි"

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය විධිමත් කිරීමට වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය ආයතන තුල ඩිජිටල් සන්වර්තන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදුකිරිම සදහා වැඩපිළිවලක් සකස් කෙරේ.

"රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය විධිමත් කිරීමට වැඩපිළිවෙලක්"

ඉන්දීය විදේශ ලේකම් දළදා සමිඳු වැඳ පුදා ගනී

(කොළඹ, ලංකාපුවත්) – සිව් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රින්ග්ලා මහතා අද(03) දළදා මාලිගාවට ගොස් ආශිර්වාද ලබා ගත් බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

"ඉන්දීය විදේශ ලේකම් දළදා සමිඳු වැඳ පුදා ගනී"