(කොළඹ, ලංකාපුවත්) – ශිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ ඝාතනය සිදුවී ඇත්තේ හිස පිටුපසට සිදුකළ පහරදීමක් හේතුවෙන් මොළය අභ්‍යන්තරයට ලේ ගැලීම නිසාවෙන් හා ගෙල සිරකොට තිබීමෙන් යන කාරණාවන්ගෙන් බව යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විද්‍යා ඝාතන නඩු විභාගය වෙනුවෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පවසා තිබේ.
"විද්‍යා ඝාතනය වූ හැටි උසාවියේදී හෙළිවෙයි"Category: LOCAL
(කොළඹ, ලංකාපුවත්) – ජාන තාක්ෂණයෙන් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි ආකාරය පිළිබඳ වාර්තාවක් සකස්කර ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ.
"ජාන තාක්ෂණයෙන් ලෙඩ සුව කිරීම මෙරටටත්"(කොළඹ, ලංකාපුවත්) – කසළ නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමේ වගකීමෙන් කිසිවිටෙක රජය බැහැර වන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
"කසළ කළමනාකරණය කිරීමේ වගකීමෙන් රජය බැහැර වන්නේ නැහැ – අගමැති"(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 08 වනදා සිට සැප්තැම්බර් දෙවනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
"2017 උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි"(කොළඹ, ලංකාපුවත්) – මුතුරාජවෙල අභය භූමියට කැළි කසල බැහැර කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
"මුතුරාජවෙලට කසළ බැහැර කිරීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්"(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය මාර්ගයේ රැදී සිටිමින් සෙල්ෆි ඡායාරූප ගනු ලබන පුද්ගලයින්ට එරෙහිව මින් ඉදිරියට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව දුම්රිය ආරක්‍ෂක අංශය අවධාරණය කරයි.
"දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆි ගත්තොත් නීතිය තදින්"(කොළඹ, ලංකාපුවත්) – මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට අධි චෝදනා ලැබ සිටින විත්තිකරුට එරෙහි නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණයේදී අද (05) ප්‍රකාශයට පත් කෙරුණි.
"UPDATE:මාධ්‍යවේදී මෙල්ව මැරූ ඝාතකයාට මරණ දඬුවම"(කොළඹ, ලංකාපුවත්) – නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අයත් නාවිකයන් පිරිසක් විසින් පෙරේදා ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) බේරා ගැනීමට සමත් වී ඇත.
"නාවික හමුදාව දියේ ගිලෙමින් සිටි සිව් දෙනෙකුගේ බේරා ගනී"(කොළඹ, ලංකාපුවත්) – රණවිරුවන් රැක ගැනීමට යහපාලන රජය සෑම මොහොතකම කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අවධාරණය කරයි.
"රණවිරුවන් රැක ගැනීමට රජය සෑම මොහොතකම කටයුතු කරනවා – ඇමති රුවන්"(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු තම එක් මසක වැටුප අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ලබාදීම සඳහා ඊයේ(04) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලබා දුන්නේය.
"නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප ආපදාවට පත් ජනතාව වෙනුවෙන්"