එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකීය සම්බුද්ධ ශාසනයට නව පිටුවක් එක් කරමින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද උදෑසන (12) ආරම්භ විය.

"එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඇරඹේ"

වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ විශේෂ රථවාහන සැළැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – 2017 ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ පැවැත්වෙන වෙසක් කලාප හා විවිධ වැඩසටහන් හේතුවෙන් හෙට(10) සිට ලබන සෙනසුරාදා (13) දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

"වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ විශේෂ රථවාහන සැළැස්මක්"

ගීතා කුමාරසිංහගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

(කොළඹ, ලංකාපුවත්) – තමන්ට මන්ත්‍රී ධුරයයක් දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

"ගීතා කුමාරසිංහගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්"

ද. කොරියාවේ රැකියා සඳහා යන අයට කාර්යංශයෙන් සහනයක්

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමේදී එක් අයෙකුගෙන් අය කිරීමට නියමිත වූ ආරක්‍ෂිත තැන්පතු මුදල වන රුපියල් පන් ලක්ෂයක මුදල අද (09) සිට වහාම අත්හිටුවීමට ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශය තීරණය කර ඇත.

"ද. කොරියාවේ රැකියා සඳහා යන අයට කාර්යංශයෙන් සහනයක්"

ලොව දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ දී

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පැවැත්වෙන් 14වැනි ජාත්‍යන්තර වෙසක් දින සැමරුම මුල් කර ගනිමින් ලොව දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කිරීම හෙට(10) ආරම්භ වේ.

"ලොව දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ දී"

ළඟදීම මිලෙන් අඩු පිළිකා ඖෂධයක් මෙරට වෙළෙදපලට

(කොළඹ, ලංකාපුවත්) – පිළිකා රෝගීන් වෙනුවෙන් ඇති තවත් ඖෂධයක් මෙරට වෙළෙදපොළට හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"ළඟදීම මිලෙන් අඩු පිළිකා ඖෂධයක් මෙරට වෙළෙදපලට"

ජනපති මෛත්‍රී, ප්‍රංශ නව ජනපතිට සුබ පතයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමි කරගත් එමානුවෙල් මැක්‍රෝන් හට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබ පැතුම් එක් කර තිබේ.

"ජනපති මෛත්‍රී, ප්‍රංශ නව ජනපතිට සුබ පතයි"

රටේ ආර්ථීක සංවර්ධනයට සියලු රටවල සහය ලබා ගැනීම වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්තියයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (08) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

"රටේ ආර්ථීක සංවර්ධනයට සියලු රටවල සහය ලබා ගැනීම වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්තියයි – ජනපති"

අතුරුදන් වීම ඝාතනයක් බවට අනාවරණය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදන්වීම ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වී ඇතැ යි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

"අතුරුදන් වීම ඝාතනයක් බවට අනාවරණය වෙයි"

ලේසර් තාක්ෂණික වෙසක් තොරණ ජනපති අතින් විවෘත කිරීම අනිද්දා

(කොළඹ, ලංකාපුවත්) – ලොව ප්‍ර‍ථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කිරීම අනිද්දා (10 ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු කෙරේ.

"ලේසර් තාක්ෂණික වෙසක් තොරණ ජනපති අතින් විවෘත කිරීම අනිද්දා"