(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉකුත් 21වනදා බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළ හා වාහනවලට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
"සෞඛ්‍ය අමාත්‍යාංශයට අලාභහානි සිදුකිරීමට අදාළ තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට"Category: LOCAL
(කොළඹ, ලංකාපුවත්) – අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකි බව රාමලාන් වතාවත් අපට සිහිපත් කර දෙනු ලබන බව අදට යෙදී තිබෙන රාමලාන් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.
"අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකියි"(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් රෝහල්වල රසායනාගාර සේවා පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
"රසායනාගාර සේවා පැය 24 පුරා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය"(කොළඹ, ලංකාපුවත්) – පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්වීමට තීරණය කර ඇත.
"පොලිස් ප්‍රකාශක වෙනස් වෙයි"(කොළඹ, ලංකාපුවත්) – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර මරදාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
"අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට"(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු කීටයන් ආහාරයට ගන්නා මල්පැණි සහ ශාක යුෂ උරාබොන මිනිසුන්ගේ ලේ උරා නොබොන ‘ටොක්‌සොරින් කයිට්‌ස්’ නැමැති මදුරුවා ප්‍රදේශ කිහිපයකට මුදාහැර ඇති බවත් ඉන් ඩෙංගු මර්දන කටයුතු සඳහා වැඩි දායකත්වයක් ලබාගත හැකි බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‌ෂිකා වෛද්‍ය ලක්‌ෂ්මී මාරතිලක මහත්මිය පැවසුවාය.
"ඩෙංගු කීටයන් කන, මල්පැණි බොන මදුරු විශේෂයක්"(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින රොබට් පියාස් නමැති එල්.ටී.ටී.ඊ. සාමාජිකයා තමන්ට මරණ දඩුවම ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
"අගමැති රජිව් ඝාතන සිද්ධියේ වරදකරුවෙක් තමාව මරා දමන්නැයි ඉල්ලයි"(කොළඹ, ලංකාපුවත්) – තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ යාත්‍රා දෙකක් ඊයේ(22) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
"ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට"(කොළඹ, ලංකාපුවත්) – වෛද්‍යවරු හා වෙනත් වෘත්තිකයන්ගේ රැස්වීමක් ඊයේ (22) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති අවස්ථාවේදී සයිටම් ආයතනය පිළිබඳ ඇතිවූ මත භේදයක් නිසා වෛද්‍යවරු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් වෛද්‍යවරයකු තුවාළ ලබා ඇත.
"සයිටම් නිසා වෛද්‍යවරු ගුටිඇණ ගනියි"(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී දේපළ හා වාහනවලට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
"සෞඛ්‍ය අමාත්‍යංශයේ දේපළවලට අලාභ කළ සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක්"