අගමැති සමග සාකච්ඡාවෙන් අනතුරුව තෙල් වර්ජනය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් පසු ඔවුන් වර්ජනය අත්හැර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුම් දීම අනුව ඔවුන් අරලිය ගහ මන්දිරයට පැමිණි අතර විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාද මෙම සාකච්ඡා සඳහා එක්ව ඇත.

"අගමැති සමග සාකච්ඡාවෙන් අනතුරුව තෙල් වර්ජනය අවසන්"

අගමැති ඉන්දියාවේ නිල සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල කාර්ය සංචාරයක් සඳහා අද (25) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ය. මෙම සංචාරයේ දී වික්‍රමසිංහ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වන අතර, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය ද හමුවනු ඇත.

"අගමැති ඉන්දියාවේ නිල සංචාරයක"

ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට මධ්‍යම අධිකාරියක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට පවතින ඝන අපද්‍රව්‍ය ගැටලුව නිරාකරණය කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් එහිදී එක් මධ්‍යම අධිකාරියක් වෙත බලය පැවරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන්නේය.

"ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට මධ්‍යම අධිකාරියක්"

පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – කුඩා ජල විදුලිබලාගාර ආශ්‍රිතව සිදු කෙරෙන පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

"පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡාවක්"

මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් නිවාස අහිමිවූවන්ට නිවාස ලබා දීම ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් නිවාස අහිමිවූවන්ට නිවාස ලබා දීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාක්මක බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සදහන් කළේය.

"මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් නිවාස අහිමිවූවන්ට නිවාස ලබා දීම ඇරඹේ"

ජනපති උපදෙස් පරිදි අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) –සියලූ පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

"ජනපති උපදෙස් පරිදි අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනයක්"

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන 27වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – මෙවර කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය ලබන 27 වනදා ආරම්භවීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

"කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන 27වනදා සිට"

අන්තිම පුද්ගලයාත් සොයාගන්නා තුරු ත්‍රිවිධ හමුදාවෙන් මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) –මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් අතුරුදන් වූ තවත් එක් පුද්ගලයෙකු පිළිබඳව පැමිණිලි ලැබි ඇති අතර එම පුද්ගලයා සොයාගන්නා තුරු ත්‍රිවිධ හමුදාව මියගිය පුද්ගලයන් සෙවීමේ ක්‍රියාන්විතයේ සිටින බව යුද හමුදා මාධ්‍ය අංශය පැවසීය.

"අන්තිම පුද්ගලයාත් සොයාගන්නා තුරු ත්‍රිවිධ හමුදාවෙන් මෙහෙයුම්"

ඉන්දීය අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයින් 07ක් නිදහස් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හත් දෙනෙකු නිදහස් කර ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

"ඉන්දීය අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයින් 07ක් නිදහස් කරයි"

ජනපති නියමයෙන් මීතොටමුල්ල පවුල් 98කට අද සිට නිවාස

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරමින් පූර්ණ හානි සිදු වූ නිවාස අහිමි පවුල් 98කට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ අද (20) දින ආරම්භ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දුන්නේය.

"ජනපති නියමයෙන් මීතොටමුල්ල පවුල් 98කට අද සිට නිවාස"