වියට්නාම ජනපති සහ ශ්‍රී ලංකා අගමැති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික සංවර්ධනය සහ සංහිඳියාව ඉලක්ක කර ගනිමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා රජය ගෙන යන ධනාත්මක වැඩපිළිවෙළ අගය කරන බව පැවසූ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්‍රැන් ඩයි ක්වන් (Tran Dai Quang) මහතා, ශ්‍රී ලංකාවේ අනාගත අපේක්ෂාවන් සාර්ථක කර ගැනීම උදෙසා වියට්නාමයේ පූර්ණ සහය ලබා දීමට සූදානම් බව ද අවධාරණය කළේ ය. හැනොයි නුවර ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඊයේ (17) හමුවෙමින් වියට්නාම්…

"වියට්නාම ජනපති සහ ශ්‍රී ලංකා අගමැති අතර හමුවක්"

ගම් බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීමට විශේෂ බස් සහ දුම්රිය සේවා

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම් බිම් බලා ගිටත්ව ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් සැපයීමට හැකි වී ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සදහන් කරයි.

"ගම් බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීමට විශේෂ බස් සහ දුම්රිය සේවා"

ඩෙංගු අධිසත්කාර ඒකක සහ වෙනම වාට්ටු සංකීර්ණ ස්ථාපිත කිරීමේ තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පිහිටි ප්‍රධාන රෝහල්වල ඩෙංගු අධිසත්කාර ඒකක සහ ඩෙංගු රෝගීන් සදහා වෙනම වාට්ටු ස්ථාපිත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී තිබේ.

"ඩෙංගු අධිසත්කාර ඒකක සහ වෙනම වාට්ටු සංකීර්ණ ස්ථාපිත කිරීමේ තීරණයක්"

මීතොටමුල්ල විපතට පත් ජනතාවට සහන සැලසීමට ජනපති උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් වූ ජනතාවට උපරිම සහන සැළසීමට කටයුතු කරන ලෙසත්, එම කටයුතුවලදී කිසිදු අවස්ථාවක මුදල් පිළිබඳ ගැටලුවක් ඇති කර නොගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

"මීතොටමුල්ල විපතට පත් ජනතාවට සහන සැලසීමට ජනපති උපදෙස්"

රු.කෝටි 07ක ස්වර්ණාභරණ සමග ගුවන් තොටුපලේ දී අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –  රුපියල් කෝටි 07ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

"රු.කෝටි 07ක ස්වර්ණාභරණ සමග ගුවන් තොටුපලේ දී අයෙක් අත්අඩංගුවට"

අගමැතිගේ වියට්නාම සංචාරය කලින් අවසන් කිරීමට තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම ජනාධිපති ට්‍රාන් දායි ක්වාන්ග් මහතා අතර  නිල සාකච්ඡා අද(17)  වියට්නාමයේ හැනෝයි හිදී පැවැත්වේ. අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ(16) හැනෝයි නුවරට පැමිණි  අතර එහිදී ඔවුන් විශේෂ පිළිගැනීමකට ලක්ව තිබේ.

"අගමැතිගේ වියට්නාම සංචාරය කලින් අවසන් කිරීමට තීරණයක්"

1929ට අසත්‍ය පැමිණිලි කරන්නන් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අවධානය

(කොළඹ, ලංකාපුවත්) – 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා අසත්‍ය පැමිණිලි කරන්නන් පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.

"1929ට අසත්‍ය පැමිණිලි කරන්නන් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අවධානය"

තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු කරලීමට ජපානයේ විශේෂ නියෝජිතයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු කරලීමට ජපානයේ විශේෂ නියෝජිතයෙක් පත් කරන බව ජපාන කැබිනට් ලේකම් යොෂිහදෙ සුගා (Hon. Yoshihide Suga) මහතා පැවසීය. 12 වනදා උදෑසන ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකාච්ඡාවකට සහභාගී වෙමින් සුගා මහතා වැඩිදුරටත් පැවසූයේ මේ සඳහා ජපාන අග්‍රාමාත්‍ය උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි (Dr. Hiroto Izumi) මහතා පත්කිරීමට ජපාන රජය ක්‍රියාකරන බව ය.

"තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු කරලීමට ජපානයේ විශේෂ නියෝජිතයෙක්"

අනාගත පරපුර මත් උවදුරෙන් බේරාගැනීමට ඇරඹූ වැඩපිළිවෙළ සාර්ථකයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – අනාගත පරපුර මත් උවදුරෙන් ගලවා ගැනීමට රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සදහන් කරයි. මහනුවර තෙල්දෙණිය මූලික රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

"අනාගත පරපුර මත් උවදුරෙන් බේරාගැනීමට ඇරඹූ වැඩපිළිවෙළ සාර්ථකයි – ජනපති"

රෝගීන්ගේ DNA පරීක්ෂාකර ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙළකට අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – රෝගීන්ගේ ඩී එන් ඒ පරීක්ෂාකර ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අනුමැතිය ලබාදී ඇත. අමෙරිකා විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මේ පිළිබඳ පර්යේෂණ සිදුකර තිබේ.

"රෝගීන්ගේ DNA පරීක්ෂාකර ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙළකට අනුමැතිය"