H1N1 නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සංචාරක තහනම් පනවා නැහැ –  සෞඛ්‍ය අමාත්‍යාංශය

(කොළඹ, ලංකාපුවත්) – H1N1 වෛරසය පවතින කිසිම රටකට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය මේ දක්වා කිසිදු සංචාරක හෝ වෙළඳ තහනමක් පනවා නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. අමාත්‍යාංශ ලේකම් අනුර විජේවික්‍රම අදාළ පැහැදිලි කිරීම නිකුත් කළේ ඉන්ෆ්ලූවෙන්සා H1N1 වෛරසය පැතිර යන බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන්නැයි කටාර් විදේශ අමාත්‍යාංශය එරට සංචාරකයන් සඳහා නිකුත් කර ඇති අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමිනි.

"H1N1 නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සංචාරක තහනම් පනවා නැහැ –  සෞඛ්‍ය අමාත්‍යාංශය"

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය හා බස් සේවා

(කොළඹ, ලංකාපුවත්) – සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය නිමිත්තෙන් අද (07) සිට විශේෂ දුම්රිය සහ බස් රථ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව අද සිට විශේෂ අතිරේක දුම්රිය කිහිපයක් කොළඹ කොටුව සහ දුර බැහැර ප්‍රදේශ අතර ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළේය.

"අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය හා බස් සේවා"

ආහාර විෂවී තිදෙනෙකු මරුට – 500ක් රෝහලට

(කොළඹ, ලංකාපුවත්) – ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කළ අම්පාරේ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ප්‍රදේශයේ ආගමික ස්ථානයක පැවති පූජාවක් අතරතුර ලබාදුන් ආහාර අනුභව කළ පන්සියයකට අධික පිරිසක් මෙලෙස රෝගී වී රෝහල්ගත කර තිබේ.

"ආහාර විෂවී තිදෙනෙකු මරුට – 500ක් රෝහලට"

තාක්ෂණික ගිවිසුමේ අවසන් වැඩට වෙනුවෙන් අගමැති රනිල්,ඉන්දීය අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එළැඹීමට නියමිත තාක්ෂණික ගිවිසුමේ අවසන් කටයුතු සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 25වනදා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

"තාක්ෂණික ගිවිසුමේ අවසන් වැඩට වෙනුවෙන් අගමැති රනිල්,ඉන්දීය අගමැති හමුවෙයි"

ඉන්දු – ශ්‍රී  ලංකා ධීවර සාකච්ඡා හෙට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් තවත් සාකච්ඡා වටයක් හෙට (07) කොළඹදී පැවැත්වීමට නියමිතය. දෙරටේ ධීවර අමාත්‍යාංශ නිළධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට සැළසුම් කර ඇත.

"ඉන්දු – ශ්‍රී  ලංකා ධීවර සාකච්ඡා හෙට"

අවුරුද්දට ගමේ යන්න අමතර ලංගම බස් රථ 3600 ක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ බස් සහ දුම්රිය සේවා අද (06) සිට ක්‍රියාත්මක වේ.

"අවුරුද්දට ගමේ යන්න අමතර ලංගම බස් රථ 3600 ක්"

හම්බන්තොට වරාය විකිණීම පිළිබඳව මූලික කෙටුම්පතක් සකස් කර නෑ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම පිළිබඳව මූලික කෙටුම්පතක් සකස් කර නොමැති බවත් හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් එකඟවීමෙන් පසුව ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"හම්බන්තොට වරාය විකිණීම පිළිබඳව මූලික කෙටුම්පතක් සකස් කර නෑ – අගමැති"

සයිටම් කොටස්වල තාජුඩින්ගේ අස්ථි නැතැයි ජින්ටෙක් ආයතනය දැනුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – මාලබේ සයිටම් ආයතනයේ තිබි සොයා ගනු ලැබු අස්ථි කොටස් සම්බන්ධව සිදු කරන ලද ජාන පරික්ෂණය අනුව ‍එම අස්ථි කොටස් අතර මරණකරුවු රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තජුඩින්ගේ අස්ථි කොටස් අඩංගු නොවන බවට ජින්ටෙක් ආයතනය සිය විශ්ලේෂණ වාර්තාව මඟින් දැනුම් දි ඇති බවට රහස් පොලිසිය ඊයේ (05) කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රසාද් සිල්වා මහතා වෙත දැනුම් දුන්නේය.

"සයිටම් කොටස්වල තාජුඩින්ගේ අස්ථි නැතැයි ජින්ටෙක් ආයතනය දැනුම් දෙයි"

නවීකරණය කරන ලද කටුනායක ගුවන් පථය අද සිට විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) – නවීකරණය කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් පථය අද (06) විවෘත කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය. අද දහවල් 12 ට ගුවන් පථය විවෘත කරනු ඇත. ඒ අනුව ලොව විශාලතම ගුවන් යානා වන, ඒ 380 පවා ගොඩබැස්සවීමේ හැකියාව පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

"නවීකරණය කරන ලද කටුනායක ගුවන් පථය අද සිට විවෘතයි"

අපවත් වූ මහානායක දවුල්දෙන ඤාණිස්සර නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද

(කොළඹ, ලංකාපුවත්) – අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අති පූජ්‍ය දවුල්ලෙන ඤාණිස්සර නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (06) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආදාහන පුජෝත්ස්වය පැවැත්වෙනු ඇත.

"අපවත් වූ මහානායක දවුල්දෙන ඤාණිස්සර නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද"