(කොළඹ, ලංකාපුවත්) – අතීත අත්දැකීම් පදනම් කර ගනිමින් ඉදිරි සියවස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ජයග‍්‍රහණය කිරීමේ වගකීම පාසල් දරුවන් හමුවේ ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. රත්නපුර ෆර්ගර්සන් උසස් විද්‍යාලයට වසර සියයක් සපරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ ඊයේ (27) පැවති සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා මේ බව කියා සිටියේය.
"‘ඉදිරි සියවස ජයගැනීමේ අභියෝගය දරුවන් හමුවේ තිබෙනවා ‘ – ජනපති"Category: LOCAL
(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකරිය සැලසුම් කර ඇති බව එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය. ඒඅනුව මේ වන විටත් ඒ සඳහා විශේෂ නිලධාරීන් යොදවා ඇත. මෙහිදී ආහාර ද්‍රව්‍ය, තෙල් වර්ග, ඇදුම් සහ විද්‍යුත් උපරකණ විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙන අතර භාණ්ඩවල ප්‍රමිතිය, කල් ඉකුත් වීමේ දිනය පිළිබද වැඩි අවධානයක් යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.
"ඉදිරි උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම් වැඩපිළිවෙලක්"(කොළඹ, ලංකාපුවත්) – 2016 පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා මහා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි. දෙවන ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ එස්.එම් මුණසිංහ සිසුවිය දිනාගෙන හිමිකර ගෙන ඇත. මෙවර අ.පො.ස (සා/පෙ) විභාග ප්‍රතිඵල අතර තෙවන ස්ථාන දෙකක් ලැබී ඇති අතර ඒ අනුව කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආර්.එම් සුගත් රවිඳු සන්වර සිසුවා හා මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධී මිරිස්සගේ සිසුවා තෙවන ස්ථාන ලබාගෙන තිබේ. ගම්පහ රත්නාවලි…
"සාපෙළ ප්‍රතිඵල ප්‍රථම ස්ථානය විශාකාවට"(කොළඹ, ලංකාපුවත්) – 2016 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප වලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද දින පෙරවරු 10.00න් පසු විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිය. අනෙකුත් සියලුම පාසල්වල ප්‍රතිඵල අද දිනය තුළ තැපැල් කෙරෙන අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල ඉදිරියේ දී තැපැල් කිරීමට නියමිතය. විභාග…
"සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට"ජනාධිපති මෛත්රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (20) සිතාසි නිකුත් කළේය. ඒ, කුට ලේඛන සකස් කර මාධ්‍යයට ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි දීම සඳහායි. සාක්ෂි ජුලි 17 වැනි දා කැඳවේ.
"ජනපති සහ අගමැතිට සිතාසි"සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සිදුකල කණ්ඩායම කවුදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබේ. මේ අනුව ලසන්ත ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එසේම මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදියද සිදුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇති…
"ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් CIDය සොයා ගනී"නායකයන් ඉදිරියේ සියලු දේට එ සේය කියන දේශපාලනඥයන් නොව ,එසේ නොව මෙසේ යැයි, කරුණු පෙන්වා දිය හැකි තරුණ දේශපාලනඥයන් පිරිසක් රට තුළ බිහි විය යුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඒ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ විසින් ආරම්භ කරන ලද දේශපාලන ශාස්ත්‍රාලය ඊයේ (19) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී විවෘත කරමිනි. රජුන් ඉදිරියේ ප්‍රශස්ති ගයන දේශපාලන සම්ප්‍රදායකට ඉදිරියේදී ඉඩ නොමැති බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා දැනුම, බුද්ධිය සහ…
"තරුණ දේශපාලනඥයන් රටට බිහි කරනවා – ජනපති"ජාතික තරුණ සේවා සභාව යෞවන සමාජ සඳහා යූත් විත් ටැලන්ට් රියලැටි වැඩසටහනට සමගාමිව සංවිධානය කළ ගමට කෝටියක් ව්‍යාපෘතියේ පළමු ස්ථානය දිනා ගත් නෙලුව, හප්පිටිය රීදී තරු පාලම නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (18) සහභාගි විය. එම පාලම ඉදිකිරීමේ මූලිකත්වය ගත් හප්පිටිය යෞවන සමාජයේ සභාපතිනි දිල්කි මධුෂානි, ලේකම් සඳුනි ලහිරුකා සහ භාණ්ඩාගාරිකා ජීවී නිලූෂිකා විසින් අගමැතිවරයා පිළිගනු ලැබූ අවස්ථාව. ජායාරූපය-ගාල්ල ජායාරූප වාර්තාකරු ජයලාල් ජයවර්ධන
"ගමට කෝටියක් ව්‍යාපෘතියේ පළමු ස්ථානය දිනා ගත් නෙලුව"යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් සංවර්ධනය, අධ්‍යාපනය නගා සිටුවීම, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු තවත් සංවර්ධන කටයුතු රැසක් වෙනුවෙන් ආධාර සැපයීමට කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව ඉදිරිපත්ව සිටියි. යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ඇතුළු මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව සමග ගිවිසුමකට අත්සන් තැබීම අද යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදු විය. උත්සව අවස්ථාවට ටොරෙන්ටෝ නගරාධිපති ජෝන් ටෝරී සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ අත්සන්…
"ටොරෙන්ටෝව යාපනයට අත දීමට සැරසේ"