මධුරි ඩික්සිත් නිවාඩු ගත කරන්න ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – සුරූපී බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් පසුගිය දිනෙක නත්තල් නිවාඩු සමය ඉලක්ක කර ගනිමින් කෙටි සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

"මධුරි ඩික්සිත් නිවාඩු ගත කරන්න ශ්‍රී ලංකාවට"

MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවයි – සොයා බැලීමට කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක කිරිම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

"MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවයි – සොයා බැලීමට කමිටුවක්"

ජනතාවට විවේකී සුවයට නිර්මාණය කරන ලද ස්ථාන කඩිනමින් පිළිසකර කිරීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –නගර අලංකරණයට සහ ජනතාවට විවේකී සුවයෙන් කාලය ගත කිරීමට නිර්මාණය කරන ලද ස්ථාන කඩිනමින් පිළිසකර කර යථා තත්ත්වයට පත්කරන ලෙස නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් ඇමැති අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

"ජනතාවට විවේකී සුවයට නිර්මාණය කරන ලද ස්ථාන කඩිනමින් පිළිසකර කිරීමට උපදෙස්"

2020 ජනවාරි 15 සිට දිළිඳුකම මඩින රැකියා ලක්ෂයක්

(කොළඹ, ලංකාපුවත්) –අඩු ආදායම්ලාභීන් ඉහළ ආදායම්ලාභීන් බවට පත්කිරීම අරමුණු කරගත් රැකියා ලක්ෂයක් බිහි කිරීමේ වැඩසටහන එළඹෙන ජනවාරි 15 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.

"2020 ජනවාරි 15 සිට දිළිඳුකම මඩින රැකියා ලක්ෂයක්"

ජනපති කාර්යාලයේ ප්ලාස්ටික් ජල බෝතල් නවතී

(කොළඹ, ලංකාපුවත්) – ප්ලාස්ටික් ජල බෝතල් භාවිතය නතර කිරීමට ජනාධිපති කාර්යාලයගත් තීරණය පරිසර සංවිධාන පැසසුමට ලක් කරයි.

"ජනපති කාර්යාලයේ ප්ලාස්ටික් ජල බෝතල් නවතී"

ජනපතිට මඩ ගැසූ රාජිතට-රූමීට එරෙහිව CIDයෙන් විමර්ශන

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණ සමයේදී ප්‍රධාන ජනාධිපති අපේකෂක වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මඩ ගැසීම සඳහා අපරාධකරුවන් දෙදෙනෙක්ව යොදාගෙන සුදු වෑන් රථ කතාවක් නිර්මාණය කළ හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ රාජ්‍ය ‍ඹෟෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඩ් රූමී යන මහත්වරුන් සම්බන්ධයෙන් ද අපරාධමය විමර්ශනයක් ආරම්භ කැර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කෙළේය.

"ජනපතිට මඩ ගැසූ රාජිතට-රූමීට එරෙහිව CIDයෙන් විමර්ශන"

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන හිටපු ජනපති-අගමැතිගෙන් ප්‍රශ්න කරන්න සූදානමක්

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මඟින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ මුස්ලිම් අැමැතිවරුන් කීපදෙනෙකු සහ කාදිනල්තුමා ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දි ඇති බවට රජයේ නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා ඊයේ(17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත දැනුම් දුන්නේය.

"පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන හිටපු ජනපති-අගමැතිගෙන් ප්‍රශ්න කරන්න සූදානමක්"

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබා දෙන බවට ස්විට්සර්ලන්තයෙන් සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී‍්‍ර ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබා දෙන වන බව ස්විට්සර්ලන්තය ප‍්‍රකාශ කරයි

"ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබා දෙන බවට ස්විට්සර්ලන්තයෙන් සහතිකයක්"

අළුකැන්ගරුවන් සහ සුදු මොනරුන් දෙහිවලට ඇවිත්

(කොළඹ, ලංකාපුවත්) – දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයට නෙදර්ලන්තයෙන් විරල ගණයේ සුදු මොණරුන් හතරදෙනකු සහ ඊශ්‍රායලයෙන් අළුකැන්ගරුවන් ජෝඩුවක් ද ලැබී ඇති අතර මේ සතුන් පාසල් නිවාඩු කාලයේදී ඔවුන්ට බලාගැනීමට 15වනදා සිට ප්‍රදර්ශනය කර ඇත.

"අළුකැන්ගරුවන් සහ සුදු මොනරුන් දෙහිවලට ඇවිත්"

කොළඹ කොටුවේ සිට මහනුවරට විශේෂ දුම්රිය සේවයක්

(කොළඹ, ලංකාපුවත්) –එළඹෙන උත්සව සමය මූලික කරගෙන කොළඹ කොටුවේ සිට මහනුවරට විශේෂ දුම්රිය ධාවන වාරයක් එක් කීරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.

"කොළඹ කොටුවේ සිට මහනුවරට විශේෂ දුම්රිය සේවයක්"