යුරෝපයෙන් අස්විමේ ලිපියට අගමැති තෙරේසා මේ අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විමේ නිල ක්‍රියාදාමය ආරම්භ කරමින් ලිස්බන් ගිවිසුමේ 50 වැනි වගන්තිය සම්බන්ධ නිල ලේඛනයට එරට අගමැතිනි තෙරේසා මේ, අත්සන් තබා ඇත. අගමැතිවරිය එම ලිපියට අත්සන් තැබිමෙන් පසු යුරෝපා සංගමය වෙත යොමු කළබව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. 

"යුරෝපයෙන් අස්විමේ ලිපියට අගමැති තෙරේසා මේ අත්සන් තබයි"

ඕස්ට්‍රේලියාවට හදිසි ආපදා තත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියාවට ඇතුළු වු ‘ඩෙබී‘ සුළි කුණාටුවත් සමඟ එරට හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සුළි කුණාටුව හේතුවෙන් හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගොඩනැගිලිවලට අලාභ හානි සිදු වී ඇති අතර දුරකථන හා විදුලි බලයද ඇණහිට තිබේ.

"ඕස්ට්‍රේලියාවට හදිසි ආපදා තත්වයක්"

හිටපු ජනපති ඔබාමාගේ කාලගුණික ප්‍රතිපත්ති වෙනස් කිරීමට නව ජනපති  ට්‍රම්ප් සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔබාමා පාලන සමයේ එළඹ තිබූ කාලගුණික විපර්යාසවලට අදාළ ප්‍රතිපත්ති මාලාව වෙනස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත. එය වෙනස් කරමින් නව විධායක නියෝගයකට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

"හිටපු ජනපති ඔබාමාගේ කාලගුණික ප්‍රතිපත්ති වෙනස් කිරීමට නව ජනපති  ට්‍රම්ප් සූදානම්"

මහරැජිණගේ රුව සහිත යෝධ රන් කාසියක් සොරකම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ජර්මනියේ  බර්ලින් නුවර පිහිටා තිබු “බොඩි“කෞතුකාගාරයේ තැන්පත් කර තිබු බ්‍රිතාන්‍ය මහරැජිණගේ රුව සහිත යෝධ රන් කාසියක් සොරකම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. අදාළ රන් කාසිය ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුතු එකකි. එය කැරට් විසි හතරේ රත්‍රංවලින් නිමවා ඇත.

"මහරැජිණගේ රුව සහිත යෝධ රන් කාසියක් සොරකම් කරයි"

ඩෙබී සුළි කුණාටුවෙන් පවුල් දස දහසකට වැඩි පිරිසක් අවතැන්

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියාවේ  ක්වීන්ස්ලන්ත මුහුදු ප්‍රදේශයේ  අද(28) අළුයම ඇතිවූ ඩෙබී සුළි කුණාටුව හේතුවෙන් පවුල් දස දහසකට වැඩි පිරිසක් අවතැන් වී සිටිනබවවිදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මේ වන විට ප‍්‍රදේශයේ විදුලිය සැපයුමද බිඳ  වැටි ඇති බව වාර්තා වේ.

"ඩෙබී සුළි කුණාටුවෙන් පවුල් දස දහසකට වැඩි පිරිසක් අවතැන්"

නාසා වියදම් කප්පාදුවකට ට්‍රම්ප් සැරසේ

ඇමරිකානු නාසා ආයතනයේ වියදම් වෙනුවෙන් 2018 වසර සඳහා වෙන් කරන මුදල කැපී පෙනෙන ලෙස කපා හැරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර ඇති බව වාර්තාවේ. නාසා ආයතනය ප්‍රකාශ කළේ එහි ඇතැම් අභ්‍යවකාශ ගවේෂණ කටයුතු සීමා කිරීමට සිදුවනු ඇති බවයි. බ්‍රහස්පතිගේ හිමෙන් වැසුණු යුරෝපා චන්ද්‍රයා වෙත ගවේෂණ යානයක් යැවීම ද මේ අනුව නතර කිරීමට සිදුවනු ඇති. ජනාධිපති ට්‍රම්ප් ඉදිරි වසරේදී කලා කටයුතු සඳහා මෙන්ම, විදේශ ආධාර ලෙස ලබාදෙන මුදල් ප්‍රමාණය ද අඩු කිරීමට යෝජනා කර ඇති බව සඳහන්.

"නාසා වියදම් කප්පාදුවකට ට්‍රම්ප් සැරසේ"

ට‍්‍රම්ප්ගේ රහස් ඇතුළත් පරිගණකයක් අතුරුදන්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ රහස්‍ය තොරතුරු ඇතුළත් පරිගණකයක් නිව්යෝර්ක් නුවරදී අතුරුදන්ව තිබේ. රහස් ඔත්තු සේවා නියෝජිතයෙකුගේ මෝටර් රථය තුළ තිබිය දී එම ලැප්ටොප් පරිගණකය කිසියම් අයෙකු විසින් සොරකම් කර ඇති බවයි පැවසෙන්නේ. එම පරිගණකය සොරාගත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා අමෙරිකානු ආරක්‍ෂක අංශ පුළුල් විමර්ශන ආරම්භ කර ඇතැයි විදෙස් වාර්තා පවසියි. අමෙරිකානු ජනාධිපතිවරයාට අයත් ට‍්‍රම්ප් ටවර් ගොඩනැගිල්ලේ මූලික සැලසුම, හිලරි ක්ලින්ටන්ගේ විද්‍යුත් තැපෑල සම්බන්ධයෙන් මතුවු ගැටලූවට අදාළ පරීක්‍ෂණවල තොරතුරු සහ රාජතාන්ති‍්‍රක තොරතුරු එහි ඇතුළත්ව තිබූ බවයි විදෙස්…

"ට‍්‍රම්ප්ගේ රහස් ඇතුළත් පරිගණකයක් අතුරුදන්"

වයිකෝ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

තමිල්නාඩු එම්.ඩී.එම්.කේ.පක්ෂ මහලේකම් වයිකෝ ඇතුළු පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී  ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වීමට එරෙහිවයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාවේ සිදුව ඇති බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා තවත් කාලය ලබාදිය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව ඇති යෝජනාවට විරෝධය පළ කරමින් මොවුන් උද්ඝෝෂණයේ නිරත වී ඇති බවයි. විරෝධතාකරුවන් අමතමින් එම්.ඩී.එම්.කේ.පක්ෂ මහලේකම් වයිකෝ ප්‍රකාශ කර ඇත්තේ අදාළ විමර්ශනය සිදුකිරීම සඳහා ශ්‍රී…

"වයිකෝ ඇතුළු පිරිසක් අත්අඩංගුවට"

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා සමුගනියි

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා ලෙසින් සැලකෙන චක් බෙරි අභාවප්‍රාප්ත වී තිබෙන බව  ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සිකුරාදා දිනයේදී ඔහු මිය ගොස් ඇති අතර මිය යන විට චක් බෙරි 90 වැනි වියේ පසුවිය. ගායකයෙකු ලෙස මෙන්ම දක්ෂ ගිටාර් වාදකයෙකු හා ගීත රචකයෙකු ලෙසද ඔහු ප්‍රසිද්ධියක් පත්ව සිටියේය.

"රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා සමුගනියි"

උතුරු කොරියාව නවතම අත්හදාබැලීමක

උතුරු කොරියානු හමුදාව ඉහළ තාක්ෂණයකින් යුත් නව රොකට්ටුවක් අත්හදා බැලූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වර්තාකර ඇත්තේ මෙම අත්හදාබැලීම රටේ රොකට් කර්මාන්තයේ ‘නව උපතක්’ ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ප්‍රකාශයට පත් කර ඇති බවයි. නායක කිම් ජොන්ග් අන් වැඩිදුරටත් පවසා ඇත්තේ ඉතා ඉහළ මට්ටමේ චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ ඉලක්කය ජය ගැනීමට නව රොකට් එන්ජිම උපකාරී වනු ඇති බවය. වෙනත් කිසිදු පාර්ශවයක් විසින් අදාළ අත්හදාබැලීම තහවුරු කරනු ලැබ නොමැති අතර නව රොකට්…

"උතුරු කොරියාව නවතම අත්හදාබැලීමක"