මැණික් වෙන්දේසියක දී රෝස පැහැති මැණිකක් ලෝක වාර්තාවක් තියයි

(කොළඹ, ලංකාපුවත්) – හොංකොං මැණික් වෙන්දේසියක දී රෝස පැහැති මැණිකක් අමෙරිකානු ඩොලර් මිලියන 71කට අළෙවි වෙමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

එය වෙන්දේසියක දී මැණිකකට හිමි වූ වැඩිම මිළ වේ.

හොංකොං මැණික් වෙන්දේසියක දී කැරට් 59.6 ක් ලෙස වාර්තා වූ රෝස පැහැති ‘පින්ක් ස්ටාර්’ නම් මැණිකක් මෙලෙස වෙන්දේසි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මේ මැණික 1999 වසරේ දකුණු අප්‍රිකානු පතලකින් හමුවී ඇති බව සදහන් වේ.

2013 වසරේ ජිනීවා හි පැවති වෙන්දේසියකට ඇමරිකානු ඩොලර් මිලියන අසු තුනකට මැණික ඉදිරිපත් කලද එහිදී මැණික විකිණී නොමැත

හොංකොං මැණික් වෙළෙඳ සමාගමක් වන Chow Tai Fook Jewellery විසින් අදාළ මණික මිලට ගෙන තිබේ.

අදාළ සමාගමේ ප්‍රධානියා ප්‍රකාශකර ඇත්තේ ලොව මෙතෙක් සොයාගෙන ඇති විශාලතම රෝස පැහැති මැණික මෙය බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *