“ආසියානු කලාපීය කාන්තා නායකත්ව උත්තම” සම්මානය නි. අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියට

(කොළඹ, ලංකාපුවත්) – තිරසර සංවර්ධන ඉලක්ක සමාජගත කිරීමට කැපවීම සම්බන්ධයෙන් “ආසියානු කලාපීය කාන්තා නායකත්ව උත්තම සම්මානය” තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියට පිරිනැමේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ මිත්‍රත්ව සංවිධානය (Sri Lanka United Nations Frendship organization)SUNFOහා ලෝක සාම සහ තානාපති සංසදය (WPDO)විසින් මෙම කාන්තා නායකත්ව උත්තම සම්මානය පිරිනමන ලදී.

සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය වෙත මෙම සම්මානය පිරිනමන ලද්දේ ලෝක සාම සහ තානාපති සංසදයේ සභාපති මහාචාර්ය ඩී. ජේ. සිං මහතා විසිනි. මෙම සම්මානය පිරිනැමීමේ උත්සවය පසුගියදා පැවැත්වුණේ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදීය.

තිරසර සංවර්ධන ඉලක්ක සමාජගත කිරීමේදී කාන්තාවක් ලෙස කරනු ලබන සුවිශේෂි මැදිහත්වීම වෙනුවෙන් මෙම සම්මානය ආසියාව නියෝජනය කරමින් කාන්තාවකට ලැබෙන එකම සම්මානය සුමේධා ජී. ජයසේන මහත්මියට හිමිවීම ශ්‍රී ලංකාව ලද ගෞරවයක් බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානය පවසයි.

තිරසර සංවර්ධන ඉලක්ක සමාජගත කිරීමේදී කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් සිදුකරන මෙහෙය ඉතා වැදගත්වන අතර සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය එහිදී සුවිශේෂී කාර්යයභාරයක් ඉටුකර තිබීම නිසා ඇයට මෙම ආසියානු කලාපීය කාන්තා නායකත්ව උත්තම සම්මානය හිමිවී ඇත.

1989 වර්ෂයේ සිට මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වර්තමානය දක්වා වසර 28ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමත් එම කාලයතුළ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍යධුරය, සමාජ සුභසාධන අමාත්‍යධුරය, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යධුරය, පාර්ලිමේනතු කටයුතු අමාත්‍යධුරය, තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍යධුරය වැනි අමාත්‍යධුර දරමින් රටට සුවිශේෂි මෙහෙවරක් සිදුකිරීමද මෙම ආසියානු කලාපීය කාන්තා නායකත්ව උත්තම සම්මානය සුමේධා ජී. ජයසේන නියෝජ්‍යඅමාත්‍යවරියට පිරිනැමීමට හේතු වූ බව ශ්‍රීලංකාවේ එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානයේ නියෝජිතයෝ, ලෝක සාම සහ තානපති සංසදයේ නියෝජිතයෝ, විදෙස් නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *